17 January, 2017

එකම පවුලේ සහෝදර සහෝදරියන් පස්දෙනෙකුට ජීවිත වලින් වන්දි ගෙවන්නට සිදුවුණු ප්‍රේම සම්බන්ධය

love-couple-hands

"ආරවුල සමථයකට පත්කරන්න ගිය චන්ද්‍රදාසගේ හිසටත් පොළු පහරක්"

සිමා මායිම් නැති ආදරයක් නිසා එකම පවුලේ සහෝදරියන් තිදෙනෙකුගේ සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකුගේ ජීවිතවලින් වන්දි ගෙවන්නට සිදුවීමේ පුවතක් පසුගිය දිනෙක වාර්තා වෙලා තිබුණා.

එම සිද්ධියට අදාළ නඩුව අවුරුදු හයකට අධික කාලයක් විභාගවෙලා තිබුණා.

මේ තීරණාත්මක නඩුවේ සුලමුල සොයාගෙන යද්දී දකින්න ලැබුණේ තරුණයෙකු සහ තරුණියකගේ ආදර සම්බන්ධයක්ය.

මාතර, කෝට්ටෙගොඩ ප්‍රදේශයේ තමයි මේ සිද්ධිය වෙලා තිබුණේ.

2009 වසරේ ජනවාරි මාසයේ තමයි මේ ඛේදවාචකය සිද්ධවුණේ.

කෝට්ටෙගොඩ ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රදාසගේ ඥාති දියණියක් සහ එම ගමේම පදිංචි තවත් තරුණයෙකු අතරේ ආදර සම්බන්ධයක් ගොඩනැගිලා තියෙනවා.

ආදරය කියන දේට හැමදාම බාධා තිබුණා වගේම මේ දෙන්නගේ ආදරයට උපන් ගෙයිම බාධාවක් ඇතිවෙලා තිබුණා.

නමුත් මේ ආදරවන්තයන් දේපල කෙසේ හෝ තම ආදර සම්බන්ධය දිගටම පවත්වාගෙන ගියා.

මේ නිසා පවුලේ දෙක අතරේ පැවති නොගැලපීම් හේතුවෙන් නිරන්තරයෙන් ගැටුම් ඇතිවෙලා තිබුණේ ඉතාම දරුණු ලෙසයි.

මෙලෙස ඇතිවූ ගැටුම් වලින් පවුල් දෙකෙන් කිසිම පාර්ශවයක් එකෙනෙකාට දෙවැනි වුණේ නැහැ.

මේ විදියට පවුල් දෙක අතරේ ගැටුම් ඇතිවෙච්ච අවස්ථාවන්හිදී චන්ද්‍රදාස තමයි අතරමැදියෙකු ලෙස මැදිහත්වෙලා මේ දේවල් විසඳන්න උත්සාහ කළේ.

පවුල් දෙක අතරේ ගැටුම් ඇවිලෙද්දී මේ පෙම්වතුන් දෙදෙනාගේ ආදර සම්බන්දෙට නැවතීමේ තිත තැබුවේ නැහැ.

පාසල් කාලයේ පටන් පැවති මේ දෙන්නාගේ ආදරය එන්න එන්නම වැඩිවූ අතර පෙම්වතිය පෙනෙන තෙක් මානයේ සිටිය නිසා පෙම්වතාගේද ආදරයේ වෙනසක් වෙලා තිබුණේ නැහැ.

මෙසේ ගැටුම් ඇවිලෙමින් තිබුණු එක දවසක චන්ද්‍රදාස ප්‍රදේශයේ වෙනත් පුද්ගලයෙකුගේ නිවසේ උත්සවයකට සහභාගිවෙලා හිටියා.

එදා ඔහුට අවසන් ගමන් යන්න වෙන දවස බව ඔහු දැනගෙන හිටියේ නැහැ.

ඉතින් උත්සවයට සහභාගිවෙලා සිටින අතරතුර චන්ද්‍රදාසට ආරංචි වුණේ යළිත් පවුල් දෙක අතර ගැටුමක් ඇතිවී ඇති බවයි.

මේ හේතුවෙන් චන්ද්‍රදාස හැකි ඉක්මණින් ගියේ ගැටුම ඇතිවූ ස්ථානයටයි.

ඒ ඇවිලෙමින් තිබුණ ගැටුම සමථයකට පත්කරන්නටයි.

එම ස්ථානයට ගිය ඔහු උත්සාහ කළේ ඇතිවී ඇති ගැටුම සමථයකට පත්කරන්නයි.

නමුත් චන්ද්‍රදාස කවදාවත් සිතුවේ නැති විදියට ඔහුගේ හිස මතට හෙණ පහරක් ගසන්නාක් මෙන් දැවැන්ත පොළු පහරක් එල්ලවුණා.

එම පහරින් එක් වරම චන්ද්‍රදාස බිම වැටිලා තිබුණා. පොලු පහර කාගෙනම බිම ඇද වැටුණු චන්ද්‍රදාස එම ස්ථානයේම මියගිහින් තිබුණා.

පෙම් පලහිලව්වට කිසිම සම්බන්ධයක් නැති චන්ද්‍රදාස ගැටුම විසඳන්න අතරමැදියෙකු ලෙස පැමිණ නිකරුණේ ජීවිතය දාලා යන්නම ගියා.

මේ සිද්ධියට අදාළ නඩුව දීර්ඝ කාලයක් විභාගවීමෙන් පසුව එකම පවුලේ කාන්තාවන් තිදෙනෙකු සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකුට ජීවිත වලින් වන්දි ගෙවන්නට සිද්ධවුණා.

අකීකරු වූ ආදර සම්බන්ධයක් නිසා පුද්ගලයෙකුගේ ජීවිතයක් විනාශ වෙලා මියයද්දී තවත් පස්දෙනෙකුට නිදහස අහිමිවෙමින් මාතර ප්‍රදේශයම කම්පා කරමින් තවත් අවාසනාවන්ත ඛේදවාචකයක් අවසන් වුණේ එලෙසයි.

_හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "එකම පවුලේ සහෝදර සහෝදරියන් පස්දෙනෙකුට ජීවිත වලින් වන්දි ගෙවන්නට සිදුවුණු ප්‍රේම සම්බන්ධය"

    Post a Comment