පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත මරණකරුගේ සිරුර සොයාගත් අතර ඔහු ගම්මාන අංක තුන ඒරියාගම තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පැවැසුවේය.
ඉකුත් 11 වැනිදා ඔහු විසින් වයස අවුරුදු 12ක් වන බාල වයස්කාර දැරියගේ ගෙල මිරිකා මරා දැමීමට උත්සාහ කර පසුව නිවෙසින් පලාගොස් තිබුණු අතර මිනීමැරීමේ චෝදනාවට ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පරීක්‍ෂණ පැවැත්වීම නිසා ඊට බියෙන් මරණකරු සැඟව සිට පසුව වස පානය කර සියදිවි හානි කරගෙන තිබෙන බව පරීක්‍ෂණ සිදුකරන අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශය පැවැසුවේය.
වයස අවුරුදු 12ක් වන බාල වයස්කාරිය සමඟ මරණකරු පසුගිය 11 වැනිදා සවස නිවෙසට කිලෝමීටරයක් පමණ අෑතින් පිහිටි මරඳගහ තේක්ක කැලයට හරක් බැඳීමට ගොස් ඇති බවත් ඒ අවස්ථාවේදී
ඔහු දැරියට පහරදී ගෙල මිරිකා සිහිසුන් වූ පසුව ඇය මිය ගියේ යැයි සිතා කැලයේ දමා පලායන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.
දැරියට සිහිය පැමිණ කෑගසද්දී ප්‍රදේශවාසීන් පැමිණ දැරිය නිවෙසට රැගෙන ගොස් සිහිමඳව සිටීම නිසා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණු බව පොලිසිය පැවැසුවේය.
පැරැණි පූජා නගරයේ වෙස්සගිරි ලෙන ආසන්නයේ වස පානය කර මියගොස් සිටි සැකකරු විසින් බිරියට ලියන ලද ලිපියක් ඔහු සන්තකයේ තිබූ බවත් දෙදෙනා අතර පවුල් ආරවුලක් තිබී ඇති බව ඉන් අනාවරණය වන බව පොලිසිය පැවැසුවේය.

පැරැණි පූජා නගරයේ වෙස්සගිරි ලෙන ආසන්නයේ වස පානය කර මියගොස් සිටි සැකකරු විසින් බිරියට ලියන ලද ලිපියක් ඔහු සන්තකයේ තිබූ බවත් දෙදෙනා අතර පවුල් ආරවුලක් තිබී ඇති බව ඉන් අනාවරණය වන බව පොලිසිය පැවැසුවේය.
මෙම ආරවුල හේතුවෙන් දැරිය මරා දැමීමට ඔහු උත්සාහ කරන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි. මරණකරුගේ බිරිය ඔහු මියගොස් සිටි ස්ථානයට පැමිණ මියගොස් සිටි පුද්ගලයා සිය දෙවැනි සැමියා බව තහවුරු කළේය.
මියගිය පුද්ගලයාගේ මරණ පරීක්‍ෂණය හා පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ (16දා) අනුරාධපුර ශික්‍ෂණ රෝහල් මෘතශරීරාගාරයේදී පැවැත්විණි.
මියගිය පුද්ගලයාගේ මරණ පරීක්‍ෂණය හා පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ (16දා) අනුරාධපුර ශික්‍ෂණ රෝහල් මෘතශරීරාගාරයේදී පැවැත්විණි.

අනුරාධපුර - මහේෂ් විජේසූරිය - මව්බිම
Share this
|
|
0 Comment to "දියණිය කැලේට ඇදන් ගිය බාප්පා අන්තිමේදි කරගත්ත දේ"
Post a Comment