18 January, 2017

චාල්ස් කැමිලා දික්කසාදයට සැරසෙයි

charles-camilla

ලොව පුරා ආන්දෝලනයට ලක් වූ රාජකීය පෙම් පුවතක උරුමක්කාරයන් වූ බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු හා බිරිය කැමිලා පාකර් දික්කසාද වීමට සූදානම් වන බවද මේ වනවිට ඔවුන් නීතිඥයන් සමග ඒ සම්බන්ධයෙන් කතා කොට ඇති බවද වාර්තා වෙයි. 

මෙම තීරණය මේ වනවිට නිතර රෝගාතුර වන මහ රැජිණගේ දැඩි කනගාටුවට හේතු වී ඇති බවද, ඔවුන් දෙදෙනා නැවත සමගි කරවීමට ඇය ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වී ඇති බවද කියැවෙයි. 

අභාවප්‍රාප්ත ඩයනා කුමරිය චාල්ස්ගේ පළමු බිරිය වන අතර ඔහුගේ දරුවන් දෙදෙනාගේ මවද ඇය වෙයි. 

නමුත් ඩයනාට පෙර සිටම චාල්ස් හා කැමිලා අතර ප්‍රේමයක් ඇතිවී තිබුණු අතර කැමිලා පසුව වෙනත් අයකු හා විවාහ වී දරුවන් දෙදෙනකුද ලැබුවාය. 

කෙසේ වුවද චාල්ස් හා කැමිලා අතර ප්‍රේමය ඉන්පසුවද පැවැති අතර ඩයනා සමග ඔහු විවාහ වූ පසුවද එය නොබිඳී පැවැතුණි. මෙය ඩයනාගේ මහත් කනස්සල්ලට හේතු වී තිබුණු අතර චාල්ස් හා ඩයනා විවාහය බිඳීයාමටද එය හේතුවක් විය. 

අවසානයේ 2005 වසරේදී චාල්ස් හා කැමිලා විවාහ විය. දෙදෙනා දික්කසාද වීමට හේතුව පැහැදිලි නැතත් ටික කලක සිට කැමිලා වරින් වර තමාගෙන් වෙන්ව ඇගේ නිවසක වාසය කිරීම චාල්ස්ගේ නොසතුටට හේතුව ඇති බව කියැවෙයි. 

ඕස්ට්‍රේලියානු ජාතික තරුණයෙක් විසින් තමා චාල්ස් හා කැමිලා පෙම්වතුන්ව සිටි කාලයේ ලොවට රහසේ කැමිලා චාල්ස්ට දාව බිහිකළ පුතා බව කියා සිටීමත් සමග ඔවුන් අතර ප්‍රශ්න වඩාත් උග්‍රව තිබේ. 

මෙම තරුණයා කියන කතාව ගැන චාල්ස් හෝ කැමිලා කිසිවක් ප්‍රකාශ කොට නැත.

-නිශානි දිසානායක_ලක්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "චාල්ස් කැමිලා දික්කසාදයට සැරසෙයි"

    Post a Comment