09 January, 2017

තරු හැඩ වෙන හැටි - සඳනි පතිරගේ

sandani-pathirage-paper-article

මේ දවස්වල හරිම සැහැල්ලුවෙන්

අලුත් වැඩ නම් මොනවත්ම පටන් ගත්තේ නැහැ. සේරම ජනවාරිවලට කල් දැම්මා. 'අනන්තා' සහ 'ආදරේ සුවඳ අරන්' ටෙලි නාට්‍ය දෙකේ විතරක් රූ ගත කිරීම් තියෙනවා. ඒවට අමතරව ලොකු හිසරදයක් වෙලා තිබුණු විභාගය ඉවරයි. ඉතින් මේ දවස්වල සැහැල්ලුවෙන් ඉන්නවා.

සීනි නැතුව Fresh Milk බොනවා

ලස්සන වෙන්න නම් සම ලස්සනට තියාගන්න ඕන නේ. ඒ නිසා හැමදාම ටපඥඵඩ ථඪතඬ බොනවා. ඒත් ඉතින් සීනි නම් දාන්නේ නෑ. ඕනවට වඩා සීනි වැඩි වුණාම ඒක ශරීර සෞඛ්‍යයට හොඳ නෑනේ. ඒ වගේම සීනි වැඩිපුර ගත්තාම අනවශ්‍ය විදියට මහත් වෙනවා.

බත් හැඳි එකහමාරයි එළවලු ගොඩයි

උදේට නම් ධාන්‍ය වර්ග ආහාරයට ගන්න මම හරිම ආසයි. ඒ අතරින් මුං ඇට තම්බා ආහාරයට ගන්න කැමැතියි. මම නිතරම උදේට මුං ඇට කනවා. ඒ වගේම පැස්ටා කන්නත් ආසයි. බිත්තර, එළවළු වගේ දේවල් දාලා මම ම තමයි පැස්ටා හදන්නේ. දවල්ටයි, රෑටයි බත් කනවා. නමුත් මම කන්නේ බත් හැඳි එකහමාරක් විතරයි. ඉතිරි සේරම එළවළු වර්ග, පලා වර්ග වැඩිපුර බෙදා ගන්නවා.

ක්‍රීම් වර්ග ගැන පරිස්සම්

මම ක්‍රීම් වර්ග ගානවා අඩුයි. මොකද මට තියෙන්නේ හරිම සිනිඳු සමක් නිසා. ගාන ක්‍රීම් වර්ගයේ පොඩි හෝ නොගැළපීමක් ආවාම මට ඉක්මනටම කුරුළෑ මතු වෙනවා. ඒ නිසා ක්‍රීම් වර්ග ගාන විට හරිම පරිස්සම්.

එලාර්ම් තියලා වතුර බොනවා

මම නිතරම වතුර බොනවා. වතුර බොන එක සමට හුඟක් හොඳයි. අව්වේ, දූවිල්ලේ රූ ගත කිරීම් කරද්දී සම ඉක්මනට වියළෙන්න පුළුවන්. ඒ නිසාම එලාර්ම් තියලා වතුර බොනවා. නිදියන ඇඳ ළඟත් ලොකු වතුර බෝතලයක් තියාගෙන ඉන්නේ.

දකින දකින තැනින් කන්නේ නෑ

මොනතරම් බඩගිනි වුණත් මම දකින දකින තැනින් කන්නේ, බොන්නේ නෑ. මට කෑමවල පිරිසිදුකම හුඟක් වැදගත්. අම්මා මොනව හරි හදලා දුන්නත් සෝදලා පිරිසුදුව හැදුවද කියලා මම අම්මගෙන් අහනවා.

හිතුමතේට විටමින් බොන්නේ නෑ

ලෙඩ වුණාම බෙහෙත් බොන්න ඒ තරම් කැමැති නෑ. ඒ වගේම හිතුමතේට විටමින් වර්ග බොන්නත් කැමැති නෑ. මොකද අනවශ්‍ය විදියට ඔෟෂධ වර්ග ශරීර ගත වුණාම අපේ සම ලෙඩ වෙලා අසාත්මිකතා වුණත් එන්න පුළුවන්.

කොණ්ඩෙට විශේෂ තෙල් එකක්

අපේ අම්ම කොණ්ඩේ දික් වෙන්න තෙල් එකක් හදනවා. ඔලිව් තෙල්, පිරිසුදු තැඹිලි තෙල්, එක්ක කරපිංචා මිශ්‍ර කරලා රත් කරලා, ඒකට විටමින් ඡ් මිශ්‍ර කරලා ගාන්න පුළුවන්. එයට අමතරව මම ඔලිව් තෙල් ගානවා. පැයක් විතර ගාලා තියල ඊට පස්සේ සම්බාහනය කරලා නානවා. ඊට අමතරව කෝමාරිකාවල මදය ඔළුවේ ගානවා.

දාඩිය දානකල් නටනවා

නිතර ව්‍යායාම කරන්නේ නැති නිසා ඉඩ ලැබුණු ගමන්ම සින්දුවක් දාගෙන නටනවා. දහදිය දානකල් නැටුවාම ඇඟට හුඟක් සනීපයි. ඒ වගේම නිතර නර්තනයේ යෙදෙන විට උකුල වුණත් ලස්සට හැඩ වෙනවා.

අත්, කකුල් ගැන නිතර හිතනවා

ක්‍යුටෙක්ස් ගෑවාම දවස් තුනකට වඩා තියාගන්නේ නෑ. රිමු කරනවා. ඊට පස්සේ සබන් ගාලා හොඳට අත් දෙකම සෝදලා තෙත මාත්තු කරලා බේබි ක්‍රීම් ගාන එක මගේ පුරුද්දක්. කකුල් දෙකේ ක්‍යුටෙක්ස් ගාන්නේ නෑ. ඒ වුණත් හොඳට සෝදලා තෙත මාත්තු කරලා බේබි ක්‍රීම් ගානවා.

ජුවලරි නම් රත්තරන්ම තමයි

මම වැඩියෙන්ම ආස ගවුම් අඳින්න. අම්මා නම් කියන්නේ ගවුමක් ඇන්දාම පොඩි ළමයෙක් වගේ පේනවා කියලා. ඒත් ඉතින් ඇඳුම් ෂොප් එකකට ගියාම ගවුම්වලටම තමයි හිත යන්නේ. ජුවලරි නම් දාන්නේ රත්තරං විතරයි. සපත්තුවලට නම් සෑහෙන්න ආසයි.

උස පේන විදියට විලාසිතා කරනවා

මම ඒ තරම් උස නෑනේ. ඒ නිසා උස පේන්න අඩි උස සපත්තු දානවා. දිග ගවුම් අඳින්නෙත් උස පේන්නම තමයි. කොණ්ඩෙත් උඩින් බැන්දම මම උසයි වගේ පේනවා.
සමේ පැහැයට

ලිප්ස්ටික් ගළපනවා

ලිප්ස්ටික් තෝරා ගනිද්දී සමේ පැහැය ගැන සෑහෙන්න හිතනවා. මම කොහොමත් ගන්නේ සමේ පැහැයට ගැළපෙන ලිප්ස්ටික් වර්ග විතරයි. ඒ වුණත් තද රතු පාට ලිප්ස්ටික් එකටත් හුඟක් ආසයි.

ගෙදරදීම ක්ලෙන්සර් ටී්‍රට්මන්ට්

නිතරම මේක් - අප් කරන නිසා, ගෙදරදී ක්ලෙන්සර් ටී්‍රට්මන්ට් කරනවා. ඒ වගේම කෝමාරිකා ගාන්න ආසයි. ඉඳල හිටලා කන්ඩිෂනර් ටී්‍රට්මන්ට්වලට සැලුන් යනවා. වැඩිපුරම ටී්‍රට්මන්ට් කරන්නේ ගෙදරදී තමයි. කෝමාරිකා අරගෙන මදේ පොඩි කරලා ගාලා පැය භාගයක් විතර තියලා සෝදනවා.

කැරට් වලට හරිම පෙරේතයි

මම ඉතින් පෙරේතකමින්ම කන්නේ කැරට් තමයි. කැරට් තම්බලා කන්න ආසයි. ඒත් අමුවෙනුත් කනවා. ඊට අමතරව ගොටුකොළ කන්න ආසයි. ඒවා කනගමන් අනේ මගේ කොණ්ඩේ වැවෙන්න, සම ලස්සන වෙන්න' කියලා ප්‍රාර්ථනා කරනවා.

අව්වේ ගියොත් මී පැණි ගානවා

අව්වට ගිහින් ආවාම මී පැණි ගානවා. මී පැණි ගාන එක සමට හොඳයි. ඒ වගේම අව්වට ගිහිල්ලා ආවාම අත්දෙකම ක්ලෙන්සර් කරනවා. පුළුවන් තරම් අව්වෙන් බේරිලා ඉන්න තමයි උත්සාහ කරන්නේ.

මේක්-අප් සේරම බ්‍රෑන්ඩඩ්

ෆොටෝ ෂූට්වලට එහෙම මම තනියම මේක් - අප් දාගන්නවා. ඉස්සර ඉඳලම එක එක මේක් - අප් ජාති ගෙනල්ලා තනියම මේක් - අප් දාගන්න හුරු වුණා. ඒත් හැම වෙලාවෙම මේක් - අප් වර්ග ගනිද්දී බ්‍රෑන්ඩ් එක ගැන සැලකිලිමත් වෙනවා.

කොණ්ඩෙට විලාසිතා අඩුයි

වැඩිපුරම කොණ්ඩේ කඩාගෙන ඉන්න ආසයි. ඒත් පෝනිටේල් එකත් දානවා. පහුගිය කාලේ කොණ්ඩේ කර්ල් කරන්න ගිහින් කොණ්ඩේ සවුත්තු වුණා. ඒ නිසා දැන් නම් කොණ්ඩෙට ෆැෂන් කරන්නෙ නෑ.

හංසි ආටිගල_මව්බිම
ඡායා - වෙනුර

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තරු හැඩ වෙන හැටි - සඳනි පතිරගේ"

    Post a Comment