28 December, 2016

එකම රෝහලේ එකම ඇඳේ අත්වැල් පටලාගෙන අවසන් වූ වසර 64ක ආදර කතාව

ආදරය කියන්නේ මහා පුදුමාකාර හැඟීමක්. මේ ලෝකේ හැමෝටම ආදරය කරන්න පුලුවන් වුණත් එකම ආදරයක් වෙනුවෙන් මුලු ජීවිත කාලෙම කැප කරන්න හැමෝටම බෑ.. ඒ වගේ ආදර කතා අද කාලේ හොයාගන්නත් නැති තරම්..

මේ කියන්න යන්නේ එකම රෝහලේ එකම වාට්ටුවේ එකම ඇඳේදී අවසන් වුණ අවුරුදු 64ක ඉතා සංවේදී ආදර කතාවක් ගැන..

ඔහු නමින් ට්‍රෙන්ට් වින්ස්ටෙඩ් (88) ඇය ඩොලරස් වින්ස්ටෙඩ් (83).පහුගිය දවසක මේ යුවළ එකම රෝහලේ එකම ඇඳේ ඉද්දි මියගියා පසුව ලොව පුරා මාධ්‍ය මේ දෙන්නාගේ ආදර කතාව ගැන කියලා තිබුණා.

88 හැවිරිදි ට්‍රෙන්ට්ට අක්මාවේ රෝගයක් වැළඳී තිබුණා. රෝහල් ගතවෙලා මේකට ප්‍රතිකාර ගන්න අතරතුරදී ඔහුගේ ආදරණීය බිරිඳ ඩොලරස්ටත් මොළය ආශ්‍රීත ප්‍රදේශයේ රෝගයක් ඇතිවනවා. ඇයත් ඔහු සිටි රෝහලටම ඇතුළත් වනවා. මේ දෙන්නාගේ ආදරය දකින රෝහල් කාර්ය මණ්ඩළය දෙදෙනාම රෝහලේ එකම ඇඳකට දමනවා.

කොහොමහරි ටික දවසකට පස්සේ ඩොලරස් මියයනවා. ඇගේ අවසන් හුස්ම නික්මෙන මොහොතේ ට්‍රෙන්ට් ඇගේ අතින් අල්ලාගෙන ඇය දෙස බලාගෙන ඉන්නවා. ඒත් එක්කම වසර 64ක් තිස්සේ තමන්ව රැකබලාගත්ත, ආදරය කළ, සිය ආදරණීය බිරිඳට ඔහු හාදුවක් දෙනවා.

බිරිඳගේ මරණය වෙලා පැය කිහිපයක් ඇතුළත ට්‍රෙන්ටුත් මිය යනවා.ඔහුට වැළඳිලා තිබුණ රෝගාබාධයටත් වඩා බිරිඳගේ අහිමිවීම ඔහුට දරාගන්න නොහැකි වූ බවයි ඔවුන්ගේ දියණිය මාධ්‍ය වෙත කියලා තිබුණේ.

ට්‍රෙන්ට් හා ඩොලරස් හමුවෙන්නේ 1950 වසරේ ටෙනීස් වලදි. ටෙනීස් කියන්නේ ඇමරිකාවේ ප්‍රාන්තයක්. එහිදී ඔවුන් දෙදෙනා අතර ආදර සම්බන්ධතාවයක් ඇතිවනවා. කොහොමහරි මේ දෙන්නා හමුවෙලා ටික කලකින්ම ට්‍රෙන්ට් කොරියාවට යනවා. ඒ කොරියානු යුද්ධයට සහභාගී වෙන්න.

වසර දෙකකට පස්සේ ඔහු නැවතත් ඇමරිකාවට එනවා. ආවට පස්සේ මේම දෙදෙනා විවාහ වෙනවා.ඒ 1952 වසරේදීයි.






Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "එකම රෝහලේ එකම ඇඳේ අත්වැල් පටලාගෙන අවසන් වූ වසර 64ක ආදර කතාව"

    Post a Comment