24 December, 2016

පද්මාව කසාද බැඳපු රෑ තමයි තේරුණේ ගමේ මිනිස්සු කියපු කතාව ඇත්ත කියලා

so-young-woman-which-destroyed-life

මගේ කකුල් අල්ලලා පද්මා වැන්දා...

ආයෙමත් දරුවෙක්.. පද්මා දවසක් හැන්දෑවක මට කිව්වා...
මම දැක්කා මගේ කිරි එකට පද්මා වහ දානවා...


අද ලෝකේ මොන තරම් ආදරේ ගැන කතා කළත් ආදරේ වෙනුවෙන් කැපකිරීම් කළත් එක මොහොතකින් ඒ හැමදේම වෙනස් වෙලා යනවා.

කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා කියන දේ සැබෑවක් වෙන කතාපුවතක් අද අපි ඔබට කියන්න හිතුවා.

තමන් පණටත් වඩා ආදරේ කරපු තමන්ගේ බිරිඳ නිසා ජීවිතේ විනාශ වුණු තරුණයෙකුගේ හෙළිදරව්වකි මේ.

“මං ආසයි මට ගෙදර යන්න තියෙනවා නම්. ඒත් ඉතිං කොහොම කියලා ගෙදර යන්නද ? දඬුවම නියම කරලා තියෙන්නේ එල්ලලා මරන්නනේ.”

ඔහු පවසන්නේ ශෝකී හඬිනි. මහතුන්නේ වයස අවුරුදු හැටහතටත් වඩා වැඩියි. මැදිවියේදී කළ මිනීමැරුමක් නිසා කල්දේරම් බත් කන්නට වීම පිළිබඳව ඔහුට ඇත්තේ පසු තැවිල්ලකි.

හැමෝම ඒ කාලේ මට කිව්වා ඔය කසාදෙ කරගන්න එපා අමාරුවේ වැටිලා දුක් විඳින්න වෙයි කියලා. ඒත්... මං ඇහුවේ නැහැ. කසාදෙ තමයි මට මගේ ජීවිතේ නැති කෙරුවේ.”

මහතුන් එසේ පැවසුවේ සුසුමක් හෙළමින් ය.

මහතුන් එවකට රාජ්‍ය ආයතනයක සුළු සේවකයකු ලෙස කටයුතු කළේ ය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු විසිහතරක් පමණ වන්නට ඇත.

ඔහු බොහෝවිට යහළුවන් ගේ නිවෙස්වලට ගියේ ඔවුන්ගේ නිවෙස්වල විදුලිය සම්බන්ධ වැඩකර දීමට ය.

මහතුන්ට පද්මා හමුවූයේ ඒ ගිය ගමනකදී ය.

මම පද්මලාගේ ගෙදර වයරින් වැඩක් කෙරුවා. පද්මා හරි හැඩකාරයි. නමුත් ගමේ මිනිස්සු කවුරුත් කැමති වුණේ නැහැ මම පද්මට ආලවන්තකම් පානවට.

අඩුම තරමේ පද්මගේ තාත්තලාවත් කැමති වුණේ නැහැ මම එයාව කසාද බඳිනවට.

අයි එහෙම අකැමති වුණේ ?

පද්මා ඇහැට කනට පේන හැඩකාර කෙල්ලක් වුණාට එයාගේ චරිතය ඒ තරම් හොඳ නැහැලු.

ඒත් මං ගමේ අය කියපු දේවල් විශ්වාස කළේ නැහැ. ඒ වෙනකොට පද්මට මංගල යෝජනා කිහිපයක්ම ඇවිත් තිබුණා.

මනමාලයෝ කිහිපදෙනෙක්ම ඇවිත් බලලා ගිහිල්ලත් තිබුණා.

නමුත් ඒ එකක්වත් හරි ගියේ නැත්තේ ගමේ අය පද්මා ගැන කියලා ඒ අයට ලියුම් කරදහි යවලා තිබුණ නිසා. ඔය අතරේ තමයි මම පද්මා එක්ක යාළු වුණේ.

අඩුම තරමේ අපේ ගෙදරින්වත් පද්මට කැමති වුණේ නැහැ. හැමෝම කිව්වේ ඔච්චර ලස්සන ගැහැනියක්ව උඹට පරිස්සම් කරන්න බැහැ කියලා.

ඒත් ඉතිං ඒ වෙනකොට මම පද්මට වහ වැටිලා හිටියේ. ඒ නිසා කවුරු මොනවා කිව්වත් පද්මා ගැන මගේ හිතේ තිබුණ අදහස වෙනස් කරන්න කාටවත් බැරිවුණා.

මම පද්මව කසාද බැන්දා. කසාද බැඳලා ගෙනිච්ච පළවෙනි දවසේ තමයි මට තේරුණේ ගමේ මිනිස්සු කියපු කතාව ඇත්ත බව.

පද්මා මගේ කකුල් දෙක ළඟ වැටිලා හැඬුවා. මම පද්මට සමාව දුන්නා. ආයේ කිසිම දවසක වරදක් කරන්න එපා කියලා. මම පද්මගේ ගමේම නතර වුණා. ඒකට අපේ ගෙවල්වලින් කැමති වුණේ නැහැ.

ගමේ අය කියපු තරම්ම පද්මා නරක නෑ කියලා මට සතියක් දෙකක් යනවිට තේරුණා.

ඒ නිසා මටම එයාව දාලා ගමෙන් පිට වෙලා යන්න එතරම් බයක් තිබුණෙත් නැහැ. මම සති කිහිපයකට පස්සේ ගමෙන් පිට රස්සාවකට ගියා.

ඒ වෙනකොට මං රජයේ රස්සාවට සමුදීලා හිිටයේ. පද්මා බලන්න මම සතියකට දෙකකට වතාවක් ගමට ආවා.

ඒ ආවමවත් එයාගේ කිසිම වෙනසක් තිබුණේ නැහැ. පද්මගේ තාත්තා අපිට දීපු ඉඩම් කෑල්ලේ මම පුංචි ගෙයක් හැදුවා.

ඒ ගෙයි එක කාමරයකුත් සාලයකුත් කුස්සියකුත් තිබුණා. පද්මා ගෙදරදොරේ වැඩට හරිම දක්ෂයි. අපි විවාහ වෙලා වසරක් විතර යනවිට අපිට දරු පැටියෙක් ලැබුණා.

ඊට අවුරුදු දෙකකට විතර පස්සේ තවත් දරුවෙක් ලැබුණා. ඒ ලැබුණෙ දුවෙක්. දරුවෝ දෙන්නයි පද්මයි ගමේ ඉන්දැද්දී මම ගෙවල් වයරින් කරන්න ගියා.

ඒත් එක සති අන්තයක මම ගෙදර ඒද්දී ගමේ මනුස්සයෙක් මට කිව්වා පරිස්සමින් ගෙදර යන්න කියලා. මම ඒ වෙලාවේ ඒ ගැන හිතුවේ නැහැ.

නමුත් ඒ කියපු දේ මගේ හිතේ තිබුණා. මම සතියක් දෙකක් ගමේ නතර වුණා. මට පද්මගේ වෙනසක් දැනෙන්න ගත්තා.

“ආයෙමත් දරුවෙක්” පද්මා දවසක් හැන්දාවක එහෙම කිව්වා.

“කොහොමද එහෙම වුණේ ?”

මම තනියම එහෙම හිතුවා. මං පද්මගෙන් මොකුත්ම අහන්න ගියේ නැහැ. ඒත් වෙනදා නැති දැඟලිල්ලක් මම පද්මගෙන් දැක්කා. පද්මා හැමවෙලේම බැලුවේ මාව මඟහරින්න.

“පුතේ උඹ මේ ගෙදර නාවට කමක් නැහැ.”

පද්මගේ තාත්තා දවසක් මට එහෙම කිව්වා. මං ඒ ඇයි කියලා ඇහුවම තමයි තාත්තා මට විස්තරේ කිව්වේ.

ඒ වෙනකොටත් පද්මා ගමට ආව ගිය කිහිපදෙනකු සමඟම යාළු මිත්‍රකම් පවත්වලා තියෙනවා. තාත්තා වගේම තවත් කිහිපදෙනෙක් මා එක්ක ඔය බව කිව්වා.

මම හැන්දාවක පද්මගෙන් ඒ ගැන ඇහුවා. පද්මා මගේ ඇගට කඩාගෙන පැන්නා.

“ඔව් මම යාළුයි තමයි තමුසෙ ගමේ ඉන්න එකක්යැ. මම මිනිස්සු එක්ක යනවා තමයි.”

පද්මා මගෙත් එක්ක හොඳටම රණ්ඩු වුණා. මං පද්මගෙ කොණ්ඩෙන් ඇදලා අරගෙන එයාගේ කම්මුලට පහර දෙක තුනක් දුන්නා.

එයා ඒ රෑ කළුවරේම පොලිසියට ගියා. මමත් ගියා. ඒත්.. පොලිස් පොතේ කිසිම පැමිණිල්ලක් ලියා ගත්තේ නැහැ.

පොලිසියේ මහත්තුරු මට කිව්වේ ලොක්කෝ ඔය ගෑනිව ඇතෑරපන් උඹට කවදා හරි ඔය ගෑනි නිසා හිරේ ලඟින්නයි වෙන්නේ කියලා. ඒත් මං එදායින් පස්සෙත් පද්මා එක්ක එක ගෙදර හිටියා. ඒත් ඒ ගෑනි මට කළේම හතුරුකම්.

මගේ දරුවෝ දෙන්නා ගැන බලන්න ඕන නිසා මං හම්බකරලා ගෙනල්ලා දුන්නා. ඒත් ඒ ගෑනි කළේ ම හතුරුකම්.

“මං උඹව මරණවා..”දවසක් අපි දෙන්නා රණ්ඩු වෙද්දී පද්මා මගේ මූණටම කිව්වා.

මං හිතුවේ එයා නිකමට එහෙම කියනවා කියලා. ඒත් ඒක බොරුවට කියපු එකක් නෙවෙයි කියලා මට දැනුණේ පස්සේ.

“ඒ කොහොම ද?”

පද්මගේ තාත්තා මට කිව්වා පුතේ උඹ මේ ගෑනිව අතහැරලා පලයං නිකම් අමාරුවේ වැටෙන්නේ නැතිව කියලා.

ඒත් මට මගේ දරුවො දාලා යන්න ලෝභ හිතුණා. ඒ ඔක්කෝටම වඩා කවුරු මොනවා කිව්වත් මං පද්මාට ඇත්තටම ආදරේ කළා.

නමුත් අපි අතරේ නිතර නිතර ආරවුල් ඇති වුණා. මං කොච්චර මඟ හැරලා හිටියත් පද්මා සමහර වෙලාවට මගෙත් එක්ක බලෙන්ම කතාවට ඇවිත් රණ්ඩු වුණා.

එයා මං ගේන සල්ලි සතයක් නෑර එයාගේ අතට ගත්තා. දවසක් රාත්‍රියේ පද්මා කවදාවත් නැති විදිහට මගේ ළඟට ආදරයෙන් තුරුළු වෙන්න ආවා.

“අපි හැම දේම අමතක කරමු”

එයා මට තුරුළු වෙලා එහෙම කිව්වා. ඊටත් ටික වෙලාවකට පස්සේ පද්මා මට කිරි එකක් හදාගෙන එන්න කියලා කුස්සියට ගියා.

මම වාඩිවෙලා හිටපු තැනට කුස්සිය හොඳට පේනවා. මම පද්මා කිරි හදන දිහා බලාගෙන ඉන්න විටයි දුටුවේ එයා කිරි එකට තව මොනව ද දානවා.

මම හිමින්සීරුවේ පිටිපස්සෙන් ගිහින් බැලුවා. පද්මා කිරි එකට වහ දාලා.

පද්මා කිරි වීදුරුවත් අරගෙන මා ළඟට ආවා. මට උහුල ගන්න බැරි තරහක් ආවා.

මම හංගගෙන තියාගෙන හිටපු කැත්තෙන් පද්මාට ගැහුවා.

එක පාරක් නෙමෙයි දෙතුන් පාරක්ම ගැහුවා. පද්මගේ කෑගැහිල්ලට දරුවෝ ඇහැරුණා.

“එපා තාත්තේ එපා...” කියලා දුව කෑගැහුවා. මම ඒ රෑම කැත්තත් අරගෙන පොලිසියට ගියා.

සිදුවූ සියල්ල විස්තර ඇතිව කිව්වා. ඒත් පොලිසියෙන් මම කිව්ව දේ පිළිගත්තේ නැහැ.

“ලොක්කෝ අපි උඹට කිව්වනේ ඔය ගෑනි හරියන්නේ නැහැ කියලා.”

පද්මගේ තාත්තා පොලිසියේ දී උසාවියේ දී කිව්වේ මම පද්මා මැරුවා කියලා එයා විශ්වාස කරන්නේ නැහැ කියලා.

ඒත් දුව සාක්ෂි දුන්නා. මම පද්මට කැත්තෙන් කොටනවා දැක්කා කියලා.

මම හිරගෙදරට නියම වුණා. දරුවො දෙන්නව පද්මගේ තාත්තා බාරගත්තා. දැන් මගේ දරුවෝ ලොකු ඇති. ඒත්.. ඒ අය මාව බලන්න එන්නේ නැහැ.

උන් හොඳින් ඉන්නවා නම් මට ඒ හොඳටම ඇති.

_හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පද්මාව කසාද බැඳපු රෑ තමයි තේරුණේ ගමේ මිනිස්සු කියපු කතාව ඇත්ත කියලා"

    Post a Comment