24 December, 2016

බිත්ති හතරකට කොටුවුණු අපේ ආදරේට තහංචි දාන්න කවුරුත් හිටියේ නැහැ

"එයා තදින් හුස්ම ගන්නා බව මට තේරුණා"

"මගේ මුළු ජීවිතේම වුණේ එයා. ඒ නිසයි එයාගේ කැමැත්තට ඉඩදුන්නේ"


අවංකවම ආදරේ කරන සිත් දෙකක් එකට එකතුවුණාම ඒ දෙන්න වෙන් කරන්න බැහැනේ. ඒ වගේම වෙනත් පිරිසක් ඇවිත් ඒ දෙන්නව වෙන් කරන්න හැදුවොත් පෙම්වතුන් හරි ඉක්මනට තීරණ ගන්න එකත් අද සමාජේ දකින්න ලැබෙන දෙයක්.

ඉතින් ඒ වගේ පෙම්වතාගේ මව්පියන් විසින් මරණ තර්ජන කරලා වෙන් කරන්න හදපු පෙම්වතියක් අද හුදෙකලා වෙලා. ඒ වුණත් ඇය කසාද බැඳලා.

නමුත් ඒ බැඳපු කෙනා විදෙස්ගතවෙලා. එක්කෙනකුට ආදරේ කරලා තව කෙනෙක් කසාද බඳින්න වෙන එක ප්‍රශ්න ගොඩක් ඇති කරන දෙයක්.

ඒ වගේ ප්‍රශ්න කන්දකට මුහුණ දුන් කාන්තාවත් තම මව්පියන්ගේ සොහොන්කොත් දෙක දිහා බලාගෙන සුසුම් හෙලන්නේ ඇයගේ කුළුඳුල් ආදරය ගැන සිහි කරමින්. එවැනි පුවතක් සතිඅන්ත පුවත්පතක මෙලෙස සටහන්වෙලා තිබුණා.

මේ කියන තරුණිය ඉගෙන ගන්න හරිම දක්ෂ කෙනෙක්.ඇය පාසල් ගියේ ගමේ ඉස්කෝලෙට. ඉතින් මේ කාලේ වෙද්දී ඇයගේ මව ලණු අඹරලා තමයි මේ පවුල ජීවත් කරවලා තියෙන්නේ.

මේ ගම් පාළාතේ කුල ක්‍රමය කියනදේ පැතිරිලා තිබ්බ නිසා තනුජාලාගේ පවුලේ අයත් වැටිලා තිබුණේ අඩු කුලේ පැත්තට. මේ කුලවත්කම තනුජාගේ ජීවිතේට ගොඩක් බලපෑම් කරලා තිබුණා.

" අද මගේ ජිවිතේ මැරී මැරී ජීවත් වෙන්නේ මේ කුල ක්‍රමය නිසා. අපි පොඩි කාලේ සැපට දුක් වින්දා. අම්මා උදේ ඉඳලා ලණු අඹරද්දී තාත්තා කුලී වැඩ කරලා තමයි අපිව ජීවත් වුණේ.

ඒ ගොල්ලෝ ගොඩාක් දුක් වින්දා අපිව ලොකු මහත් කරන්න.ගමේ අය ගොඩාක් දෙනෙක් මට කිව්වේ සුද්දී කියලා.මම ඒ තරම් ලස්සනයි.අම්මයි මමයි පාරේ යද්දී හරියට අක්කයි නංගියි වගේ.

ඒ අම්මත් මම වගේම ලස්සන නිසා.මම ගමේ අවුරුදු කුමාරි තරගෙට ඉදිරිපත්වුනත් අපේ තිබුණු කුල ක්‍රමය ඒ දේවල් වලට හරස් වුණා.

අපේ ඉස්කෝලේ හිටිය ඇහැට කනට පෙන ලස්සනම කෙල්ල මම.අපේ නැතිබැරිකම කුලය වැනි දේවල් නිසා අපේ පවුලේ අයට හොඳට ඉගෙන ගන්න බැරිවුණා."

"අපේ පන්තියේ ඉගෙන ගත්ත තව පිරිමි ළමයෙක් හිටියා, එයා ගොඩක් හොඳ කෙනෙක්. එයා තමයි මගේ හදවත සොරගත්ත ආදරේ.

එයයි මමයි අතරේ ලොකු හිතවත්කමක් ඇතිවෙලා තිබුණා. එනිසා ඉස්කෝලේ ගොඩක් දෙනෙක් හිතුවේ අපි දෙන්නා යාළුවෙලා උන්නේ කියලා. ඒ වුණත් යාළුකමක් ඇරෙන්නට වෙන දෙයක් තිබුණෙත් නැහැ.

ඒ වුණත් එයා එක දවසක් මගෙන ඇහුව්වා එයාට ආදරේද කියලා. නමුත් අමන් එදා එයාට වචනයක් දුන්නේ නැහැ.හැබැයි මගේ හිතේ කියාගන්න බැරි ලොකු ආදරයක් එයාට තිබුණා."

එහෙම පටන් ගන්න ආදරේ මේ දෙන්නගේ හිත්වල විතරයි තිබුණේ. ඒ නිසා මේ දෙන්නා දවසක් ගමට වඩා ඈතින් තිබුණු පන්සලකට ගිහින් තිබුණා. එදා තමයි මේ දෙන්නගේ ආදරේ හරියටම පටන් ගන්නේ.

"එදා මගේ අත් දෙක අල්ල ගත්ත එයා ආදරේ කියනකම්, අද අත් දෙක අතාරින්නෙ නම් නැහැ. කියලා එයා මට කිව්වා. ඒ වුණත් මම ඒ අත් දෙක ගසලා දාලා එයාගෙන් ටිකක් ඈතට ගිහින් මන් බැලුවේ එයාගේ අස් දෙක දිහා.

මට එදා ගොඩාක් දුක හිතුණා. මම එයා ළඟට ගිහින් එයාගේ අත් දෙක අල්ලාගෙන ඇහුව්වේ කවදාවත් මම තනි කරන්නේ නැහැ නේද කියලා.

එයා මාව ළඟට අරගත්තා. එයා තදින් හුස්ම ගන්නා බව මට තේරුණා. එයා මට එදා කිව්වා අපිව වෙන් කරන්න කාටවත් බැහැ කියලා. ඒ වගේම එයා ඒ වචනේ ඉටුකළා."

ඕනෑම දෙන්නෙක් ඒ වගේ පණට පණ මෙන් ආදරය කරද්දී කොහෙන් හරි ප්‍රශ්න එනවානේ. ඉතින් මේ දෙන්නාගේ සම්බන්ධෙට තනුජාගේ පෙම්වතාගේ ගෙදරින් කමතිවුණේ නැහැ. පාසල් කාලෙදිම ගෙවල් වලට ආරංචිවෙලා තිබුණා.

මේ නිසා තනුජට මරණ තර්ජන ඇවිත් තිබුණා. ඒ වගේම තනුජාගේ මව්පියනට සහ සහෝදරයන්ට පහර දීලා තිබණු අතර ගෙදරට ඇවිත් පහර දීලත් තිබුණා.

ඒ නිසා තනුජාගේ අම්මයි තාත්තයි කිව්වේ මේ සම්බන්ධෙ නතර කරන්න කියලා. නමුත් ඒ ආදරේ නතර කරන්න බැරි වුණා. මේ දෙන්නා හොරෙන් ආදරේ කරන ගමන් ඉගෙන ගත්තත් සරසවි වරම් ලබන්න තරම් වාසනාව ලැබුණේ නැහැ.

ඒ නිසා තනුජාගේ පෙම්වතා හමුදාවට බැඳෙනවා. මේ කාලේ යුධ ගිනි ඇවිලුන කාලේ නිසා තනුජා හිටියේ හරිම බයෙන්. නමුත් දවසක් නිවාඩුවට ගෙදර එන්න අවස්ථාවක් තනුජාගේ පෙම්වතාට ලැබුණා.

ඉතින් මේ දෙන්නා හොරෙන් වගේ එදා තිබුණා.කාලෙකින් හමුවෙච්ච මේ දෙන්නා එදා ගොඩක් දුර ගිහින්.

"එදා බිත්ති හතරකට කොටුවුණු අපේ ආදරේට තහංචි දාන්න කවුරුත් හිටියේ නැහැ. එදා අපි අපේම ලෝකෙක පැය ගණනක් තනිවුණා. මගේ මුළු ජීවිතේම වුණේ එයා. ඒ නිසයි එයාගේ කැමැත්තට ඉඩදුන්නේ.

එදා එයා අයෙත් නිවාඩු ඉවරවෙලා ගියා, එක දවසක් ආරංචිවුනා එයා එක්ක තවත් කිහිපදෙනෙක් යුද්ධෙදි නැතිවෙලා කියලා.

එදා මට දරාගන්න බැරි දුකක් තමයි ආවේ. නමුත් එයා බේරිලා කොළඹ ජාතික රෝහලට ආවා කියලා ආරංචියක් ආවා. නමුත් එයාගේ කකුල් දෙකම් අහිමිවෙලා තිබුණේ. ඒ වුණත් මගේ ආදරේ වෙනසක් වුණේ නැහැ."

ඇයගේ පෙම්වතා රෝහලේ ප්‍රතිකාර ලබද්දී ඇයට හමුවෙන්න යන්න නම් අවස්ථාවක් ලැබුණේ නැහැ. කාලයක් ගතවෙද්දී තනුජාගේ මවිපියන් විසින් එයාලගේ ඥාති පුතෙකු යෝජනා කරලා තිබුණා.

නමුත් තනුජා ඒ යෝජනාවට අකමැතිවුනත් ඇයගේ මව්පියන් සියදිවි හානිකරගන්න බව පැවසු නිසා ඇය ඒ යෝජනාවට කැමතිවෙලා. නමුත් කාලය ගතවෙලා යද්දී මේ දෙන්නට දරුවෝ හිටියේ නැහැ. මේ නිසා සැමියාගේ තනුජට අහන්න ලැබුණේ බැනුම් විතරයි.

"අපි දෙන්නම ගියා වෛද්‍යවරයෙක් හමුවෙන්න. ඒ වාර්තා අනුව එයා තමයි දුර්වලවෙලා තිබුණේ. ඒ නිසා එයා රට ගියා. ඒ වුණත් එයාගේ ගෙදරින් මට පල නොකියා පළා බෙදුවා.
මේ නිසා මම එයාට කියලා ගෙදර ආවා. එයා කිව්වා ඔයා කැමති තීරණයක් ගන්න කියලා. ඒ නිසා මම ගෙදර ආවේ මගේ පරණ ආදරේ පටන්ගන්න හිතාගෙන.

එයාගේ කකුල් දෙක නැතිවුණත් එයාව පුළුවන් විදියට බලාගන්නවා කියලා හිතාගත්තා.නමුත් එකට අපේ අම්මලා කැමති නැහැ. ඒ නිසා රට ඉඳලා එවන් සල්ලි වලින් පොඩි ගෙයක් හදාගෙන ඉන්නවා.

අද මගේ ළඟ තනියට ඉන්නේ මේ අම්මගෙයි තාත්තගෙයි සොහොන් කොත් දෙක විතරයි.මගේ ආදරෙත් මට නැහැ. මං කසාද බැඳපු කෙනත් අද මට නැහැ. මගේ අයියා විතරයි මම බලන්නවත් එන්නේ"

විවාහය කියනදේ කවදාවත් කොලයකට අත්සන් කරලා ගොඩනගාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ දේවල් හදවතින්ම එන්න ඕන. ඒ ආදරය හමුවෙනකම් ඇයගේ ගමන් යන බවයි ඇය අවසන් ලෙස සඳහන් කළේ.

woman-who-lost-her-boyfriend-husband

_හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බිත්ති හතරකට කොටුවුණු අපේ ආදරේට තහංචි දාන්න කවුරුත් හිටියේ නැහැ"

    Post a Comment