22 December, 2016

O/L පේපර් එකේ එක කොටස ලියාලා කොල්ලත් එක්ක ගිහින්

teen-gril-and-boy

සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ අධ්‍යාපන කටයුතුවල වැදගත් කඩඉමක්නේ.

ඉතින් ඒ වැදගත් සන්ධිස්තානය ගැන කිසිම වටිනාකමක් නැතුව ගිය සිසුවියක් පිළිබඳව මතුගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

අදාළ සිසුවිය 15 හැවිරිදි වියේ පසුවන අතර පසුගිය දින පැවති චිත්‍ර විෂය සඳහා පෙනී සිටීමට සූදානම්ව තිබෙනවා.

නමුත් එම සිසුවිය අදාළ විෂය සඳහා සහභාගී නොවී සිය පෙම්වතා සමඟ ගොස් ඇති බව වාර්තාවෙනවා.

අදාළ ප්‍රශ්න පත්‍රයේ පළමු කොටසට පිළිතුරු සැපයූ සිසුවිය විභාග මධ්‍යස්ථානය අසලට පැමිණි තරුණයෙකු සමඟ පැන ගොස් ඇති බව සඳහන්.

අදාළ තරුණයා 20 හැවිරිදි වියේ පසුවන අතර සිසුවිය නිල ඇඳුමින් තමයි ඒ තරුණයා එක්ක ගිහින් තියෙන්නේ.

මේ සිසුවිය තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් පටන්ගෙන ඇති අතර ඇයගේ මව්පියන් එම සම්බන්ධයට අකමැතිවෙලා.

සිසුවියගේ මව්පියන් විසින් සිසුවිය පාසලට රැගෙන එම සහ රැගෙන යාමට මව්පියන් කටයුතු කර තිබුණේ එම ප්‍රේම සම්බන්ධය නිසයි.

මේ සිද්ධිය වූ දවසේ මව්පියන් විසින් සිසුවිය පාසලට රැගෙන ඇවිත් ආපසු ගොස් ඇති අතර චිත්‍ර ප්‍රශ්න පත්‍රයේ පළමු කොටස අවසන් වූ කාලයේදී අදාළ තරුණයා සමඟ පැන ගිහින් කියලා තමයි ආරංචි වුණේ.

එම තරුණයා සිසුවිය ඔහුගේ මිතුරෙකුගේ නිවසට රැගෙන ගොස් ඇති අතර ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සිස්විය වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල් ගතකර තිබෙනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "O/L පේපර් එකේ එක කොටස ලියාලා කොල්ලත් එක්ක ගිහින්"

    Post a Comment