22 December, 2016

රයිනි සද්ද බද්ද නැතුවම වෙඩින් එකට ලෑස්තියි

raini-charuka-paper-article

රයිනි මේ දවස්වල කාර්යබහුල වෙලානේ?

ඔව්. මේ දවස්වල වැඩිපුරත් එක්ක කාර්යබහුල වෙලා ඉන්නේ.

ඔච්චරටම කාර්යබහුල වෙලා ඉන්නේ වෙඩින් එකට ලකලැහැස්ති වෙන නිසා වෙන්න ඇති නේද?

ඔව්. ඔව්. අපේ වෙඩින් එක ළඟ නිසා මේ දවස්වල ඒ වැඩවලට එහෙට මෙහෙට යනවා. අඛිලගෙයි, මගෙයි, අම්මලා, තාත්තලා පිටරට නිසා එයාලා කරන වැඩත් ගොඩක් අපි දෙන්නටම කර ගන්න වුණා.

ගොඩක් අය වෙඩින් එක ලෝකෙට අඬබෙර ගහලා කරද්දී රයිනියි - අඛිලයි වැඩි සද්ද බද්ද නැතිව වෙඩින් එකට ලෑස්ති වෙන්නේ?

ඇත්තටම අපේ වෙඩින් එක ළඟයි කියලා ගොඩක් අය දන්නේ නෑ. අපි එහෙම අපේ වෙඩින් එක ළඟයි කියලා හැමතැනම කියන්නෙත් නෑ. අඩු ගාණේ වෙඩින් එකට ලෑස්ති වෙනවා කියලා අපි ෆේස්බුක් පෝස්ට් එකක්වත් දාලා නැහැ. අපේ වෙඩින් එක සිම්පල් විදියට කෙරෙන්නේ.

එතකොට ක්‍ෂේත්‍රයේ අයටත් නොකියද වෙඩින් එක ගන්නේ?

ඇත්තටම අපි පවුලේ අය, ඥාතීන් එක්ක විතරයි අපේ විවාහ මංගල්‍ය සමරන්න හිතාගෙන හිටියේ. හැබැයි මගේ වෙඩින් එක තමයි අපේ පවුලේ සිද්ධ වෙන පළමුවැනි වෙඩින් එක. තාත්ති මට වැඩිපුරත් එක්ක ආදරෙයිනේ. ඉතින් එයාලා ළඟින්ම ඇසුරු කරන අයට කියන්න එපා කියලා ආත්මාර්ථකාමී වෙන්න මට බෑ. ඒ නිසා අම්මිගෙයි, තාත්තිගෙයි යාළුවොයි පවුලේ ඥාතීන් එක්කයි තමයි විවාහ මංගල්‍යය සමරන්නේ. ඇත්තටම මේක ෂෝ එකට කරන විවාහ මංගල්‍යයක් නෙවෙයි. ක්ෂේත්‍රයේ යාළුවෝ දෙතුන් දෙනාටයි වෙඩින් එක කිව්වේ.

ක්‍රිස්තියානි සම්ප්‍රදායේ හැටියටද විවාහ මංගල්‍යය සිද්ධ වෙන්නේ?

පල්ලියේ චාරිත්‍ර වගේම පෝරුවේ චාරිත්‍රත් සිද්ධ වෙනවා.

රයිනියි අඛිලයි ඡ්මඥදබ ර්ථීතචද කරන නිසා තමන්ගේ වෙඩින් එක සැලැසුම් කර ගන්න අපහසු වෙන්නෙ නැතිව ඇති නේද?

ඔව්. අපේ වෙඩින් එකේ සෙටිබෑග් එක පෝරුව වගේ හැමදේම ඩිසයින් කළේ මම. වෙනදා අපි ඉවෙන්ට් ප්ලෑන් කරන්නේ අනිත් අයට ඕන විදියටනෙ. ඉතින් මගේ වෙඩින් එකේදි අපිටම ඕනෑ විදියට ඒ දේවල් කර ගන්න පුළුවන් වුණා.

වෙඩින් එකට අයියයි, අක්කයි එයිද?

අක්කිට නම් එන්න විදියක් නෑ. මොකද එයා දැන් ප්‍රෙග්නට්. අයියටත් නිවාඩු ගන්න බැරි කතාවක් කියනවා. හැබැයි සර්ප්‍රයිස් එකක් විදියට එයා එයි කියලා හිතෙනවා. මොකද එයා සර්ප්‍රයිස් කරන්න කැමැතියි.

වෙඩින් එක ළඟ වුණාට රයිනි කලා කටයුතු මිස් කර ගන්නේ නෑ නේද?

නැහැ. මට මගේ ජොබ් එක මිස් කර ගන්න බෑ. කොහොමත් මම වැඩ ගොඩක් එකට කරන කෙනක් නෙවෙයි. මම කරනවා නම් එක වැඩක් වුණත් හරියට කරන කෙනෙක්. ඒ නිසා කරන වැඩෙත් මිස් කර ගත්තොත් ඒක පාඩුයි.

මේ දවස්වල රයිනි කරන්නවත් බෑ කියලා හිතපු දේවල් ගොඩක් කරලා පෙන්නන්න පටන් අරගෙනනේ?

මමවත් හිතුවේ නෑ මට කොමඩි ඇක්ට් කරන්න පුළුවන් කියලා. මම කොල්ලෙක් විදියට රඟපෑවා. හින්දි නිළියක් විදියටත් රඟපෑවා. අපි වෙනදා කරපු වැඩවලට රසිකයන්ගෙන් ලැබෙන ලකුණු අපි එළිපිට දැක්කෙ නෑනේ. නමුත් අපිට දැන් එළිපිට ලකුණු ලැබෙනවානේ. ඒ නිසා ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා.

තව ටික දවසකින් රංගනයටත් ආරාධනා ලැබෙයිද දන්නේ නෑ නේද?

රංගනයට වඩා නර්තනයට ආරාධනා ලැබෙයි කියලා හිතෙනවා. මගේ ඩාන්සින් ටීචර්ත් කියනවා ඔයා ලස්සනට නටනවනේ ඒක නිසා කෙට්ටු වෙන්න කියලත්. කොහොම වුණත් මේ අත්දැකීම ගන්න තමයි මම මෙගා ස්ටාර්වලට සම්බන්ධ වුණේ.

රයිනිගේ අලුත් ගීතයක් ළඟදි අහන්න ලැබෙන එකක් නැද්ද?

මේ දවස්වල ගොඩක් වැඩ නිසා අලුත් ගීතයක් කරන වැඩ කල්ගියා. කොහොම වුණත් ජනවාරි අන්තිම වෙද්දි මගේ අලුත් ගීතයක් රසිකයන් අතරට ගේන්න හිතාගෙන ඉන්නවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ_මව්බිම
ඡායාරූප -අසන්ත ගමආරච්චි

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රයිනි සද්ද බද්ද නැතුවම වෙඩින් එකට ලෑස්තියි"

    Post a Comment