මෙසේ කපා කොටා මස් කර තිබුණේ සෙනරත්ගම, මහගල්කඩවල ලිපිනයේ පදිංචි එච්. එම්. ධර්මසේන නමැති කිරි ගව පාලනයේ නියුතු පුද්ගලයකුගේ එළදෙනුන් තිදෙනෙක් වන අතර ඒ අතර පැටවුන් ලැබීමට ආසන්නයේ සිටි ගැබ්බර එළදෙනුන් දෙදෙනකු හා සතියක් පමණ වයසැති පැටවකු සිටින එළදෙනක සිටි බව ඔහු කියා සිටියේය.
මෙම එළදෙනුන් ඝාතනය කිරීම සඳහා පැමිණියා යැයි කියන වෑන් රිය ඊට පෙර දිනයේදී අවස්ථා දෙකකදී ගම හරහා එහා මෙහා යන අයුරු දුටු නමුත් මෙවන් සිදුවීමක් පිණිස එම වෑන් රිය පැමිණියා යැයි සැක නොසිතුණු බව ප්‍රදේශවාසීහු පැවසූහ.
කෙසේ වෙතත් උදෑසන කුඹුරට යමින් සිටි පුද්ගලයකු මෙම වෙල් යාය අසල නවතා තිබූ වෑන් රිය පිළිබඳ සැක සිතී විපරම් කර ඇති අතර එය පරීක්ෂා කිරීමට අවශ්‍ය යැයි කියූ සැණින්ම වෑන් රියේ පැමිණි පුද්ගලයන් දෙදෙනා පලා ගොස්
තිබේ.
අදාළ වෑන් රිය සෙනරත්ගම දෙස සිට ගල්ගමුව දෙසට ධාවනය කර තිබේ. ඒ නිසාම මස් කර තිබූ කිලෝ 50ක පමණ මස් තොගයක්ද වෙල්යායේ දමා ගොස් ඇති බවත් අදාළ සිදුවීම විස්තර කරමින් ඔහු කියා සිටියේය.
වෑන් රියේ පැමිණි පුද්ගලයන් තිදෙනා මුස්ලිම් ජාතිකයන් බවට ඔහු හඳුනාගෙන තිබේ.
මරා දමා ඇති එළදෙනුන් තිදෙනාගේ වටිනාකම ලක්ෂ දෙකහමාරකට ආසන්න බවත්, ගල්ගමුව පොලිසියේ පැමිණිල්ලක් හිමිකරු සටහන් කර ඇත.

මරා දමා ඇති එළදෙනුන් තිදෙනාගේ වටිනාකම ලක්ෂ දෙකහමාරකට ආසන්න බවත්, ගල්ගමුව පොලිසියේ පැමිණිල්ලක් හිමිකරු සටහන් කර ඇත.

ගල්ගමුව -අරෝෂණ මාන්නප්පෙරුම/මහගල්කඩවල - එච්.එම්.සී. ඉංලගකෝන්_මව්බිම
Share this
|
|
0 Comment to "ගැබ්බර එළදෙනුන් තිදෙනා පාපතරයන් මහ රෑ මස් කරලා"
Post a Comment