04 December, 2016

නෝනටයි මහත්තයටයි කෑම කකා හිමිහිට යන්න වෙනම මංතීරුවක්?

පෞද්ගලික බස් සංගම් නියෝජිතයින් ආණ්ඩුවේ වංචාකාරී උපක‍්‍රමයකට හසුවී ඇතැයි සමස්ත ලංකා ත‍්‍රීරෝද රථ හිමියන්ගේ වෘත්තීය සමිතිය පවසනවා.

එහිි සභාපති ලලිත් ධර්මසේකර සඳහන් කළේ රථ වාහන වැරදි සම්බන්ධයෙන් වන අවම දඩ මුදල රුපියල් දෙදහස් පන්සියය දක්වා වැඩි කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබූ බවයි. 


කෙසේ වෙතත් පසුව වැරදි හතක් සම්බන්ධයෙන් වන දඩ මුදල රුපියල් විසිපන් දහසක් දක්වා වැඩි කිරීමට ද යෝජනා කෙරුණා.

දැනට බස් සංගම් නියෝජිතයින් සහ රජය අතර පවතින සාකච්ඡාවලින් පසු රුපියල් විසිපන් දහසේ දඩය රුපියල් දෙදහස් පන්සියය දක්වා අඩුවනු ඇති බවයි ලලිත් ධර්මසේකර සඳහන් කළේ.

මේ අතර පෞද්ගලික බස් සංගම්වල ඉල්ලීම් අනුව කටයුතු නොකිරීමට ආණ්ඩුව වගබලා ගත යුතු බව සමස්ත ලංකා පාසල් ළමුන් ප‍්‍රවාහන සංගමය පවසනවා. 

එහි සභාපති මල්ශ‍්‍රී ද සිල්වා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වූවා.

“බස් සංගම්වලට ඕන විහිදට නටන්න දෙන්න නරකයි. 

අපි ඉල්ලන්නෙ වමෙන් ධාවනය දෙන්න කියලයි. මොකද හයිබ්‍රිඩ් කාර් එකක් ඉස්සරහා තිබුනොත් ඒක යන්නේ නැහැ 40 ට වැඩියෙන්. 

එ්වත් එක්ක අපි යන්න ගියොත් සෑහෙන්න වෙලාවක් ගතවෙනවා. අපි කියන්නේ බස්වලට දීලා තියෙන වෙනම මංතීරුව හයිබ්‍රිඩ් කාර්වලටත් දෙන්න කියලා. 

එතකොට නෝනයි මහත්තයයි කෑම කකා හිමිහිට හිමිහිට යයි.”

hybrid-car-in-sri-lanka

-නෙත්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නෝනටයි මහත්තයටයි කෑම කකා හිමිහිට යන්න වෙනම මංතීරුවක්?"

    Post a Comment