03 December, 2016

රජය හකුලා ගැනීමට යන දඩ මෙන්න

ඊයේ දිවයින පුරා පැවැත්වුණු බස් වැඩ වර්ජනය, අද (03) උදෑසන ජනපති සමඟ පැවැත්වුණ සාකච්ඡාවකින් පසුව අත්හිටුවීමට බස් සංගම් තීරණය කරනු ලැබුවා.

ඔවුන් පවසන්නේ වර්ජනයට පාදකකරගත් දඩ මුදල් ඉහළ දැමීම සිදු නොකරන බවත්, ඒ සම්බන්ධයෙන් යම්කිසි තීරණයක් ගන්නේනම් ඒ බස් හිමියන්ගේ සංගම් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවත් ජනාධිපතිවරයා අදාළ සාකච්ඡාවේදී පැවසූබවයි.

සාකච්ඡාවට සහභාගීවූ බස්නාහාර පළාත් ප්‍ර‍ධාන අමාත්‍ය ඉසුර දේශප්‍රිය මහතා පවසන්නේ,
# වමෙන් ඉස්සර කිරීම සහ 
# වේගසීමා උල්ලංඝනය කිරීම

යන මාර්ග වැරදි වෙනුවෙන් අය කිරීමට බලාපොරොත්තුවන 25,000 ක දඩය වෙනසක් කරදීමට ජනාධිපතිවරයා එකඟ වූ බවයි.

ravi-karunanayake-traffic-fine

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රජය හකුලා ගැනීමට යන දඩ මෙන්න"

    Post a Comment