25 November, 2016

“රෑට ඩ්‍රින්ක් එකක් දාන්න“යි අගමැතිට කියපු ඇමතිට ලැබුණු උත්තරේ

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 1500ක් පමණ චීන ආයෝජකයින්ට ලබාදීමට එරෙහිව හිටපු ජනාධිපතිවරයා අකමැති බවත්, ඒ ගැන විරෝධයක් ඇති කරමින් සිටින බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක අගමැතිවරයාට පැවසුවා. 

ඒ අගමැති ප්‍ර‍මුඛ එජාප ඇමතිවරුන්ගේ හමුවේදීය.

අගමැතිවරයා එහිදී පැවසුවේ හම්බන්තොටින් පමණක් නොව මාතර, නුවර, මොණරාගල, ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවලින්ද ආයෝජකයින්ට ඉඩම් ලබාදෙන බවය. 

වීනයට පමණක් නොව ඉන්දියාවට, ජපානයට සහ සිංගප්පූරුවටත් මෙගා පොලිස් ව්‍යාපෘති යටතේ ආයෝජනයට ඉඩ සලසා දෙන බව පැවසුවා. 

ඉන් රැකියා ලක්ෂ ගණනක් බිහි කළ හැකිබව අගමැතිවරයා පැවසුවා.

“සර්ට එතකොට තියෙන්නෙ රෑට පොඩි ඩ්‍රින්ක් එකක් දාල අධීක්ෂණය කරන්න විතරයි“ ඇමති පී හැරිසන් මෙහිදී පැවසුවා.

එවිට අගමැතිවරයා පැවසුවේ “මටනම් වැඩ කරන්න ඩ්‍රින්ක් ඕන නැහැ“ කියාය.

ranil-wickramasinghe15

_නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "“රෑට ඩ්‍රින්ක් එකක් දාන්න“යි අගමැතිට කියපු ඇමතිට ලැබුණු උත්තරේ"

    Post a Comment