වැලිකඩ බන්ධනාගාරයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින් දුරකතන ජාලයක් හරහා මෙහෙයවන බව කියන මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවකු රුපියල් ලක්ෂ 50ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 200 මිලිග්‍රෑම් 380ක් රැගෙන යමින් සිටියදී මෝදර හන්දිය ප්‍රදේශයේදී මෝදර පොලිසිය විසින් පෙරේදා (19දා) අත්අඩංගුවට ගෙන තිබේ.
එම මත්ද්‍රව්‍ය තොගය කොළඹ සහ අවට ප්‍රදේශවලට බෙදා හැරීමට යොදාගත් ත්‍රිරෝද රථයක්ද සමඟ සැකකරු සන්තකයේ තිබී හසුවූ ජංගම දුරකතන 3ට සිම් කාඩ් 5ක් යෙදිය හැකි බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.
එම මත්ද්‍රව්‍ය තොගය කොළඹ සහ අවට ප්‍රදේශවලට බෙදා හැරීමට යොදාගත් ත්‍රිරෝද රථයක්ද සමඟ සැකකරු සන්තකයේ තිබී හසුවූ ජංගම දුරකතන 3ට සිම් කාඩ් 5ක් යෙදිය හැකි බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.
අදාළ සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී බන්ධනාගාරය තුළ සිට එම ජාවාරම මෙහෙයවන රැඳවියාගේ නම ද හෙළිදරව් කොට ඇති බව පොලිසිය පැවැසීය.
මේ සැකකරු වසර 5ක් සිරදඬුවම් නියමව සිට
නිදහස්ව පැමිණි අයකු බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට රඳවා ගැනීමේ නියෝග ලබාගැනීමට පොලිසිය කටයුතු යොදා තිබේ.
මෝදර පොලිස් ස්ථානාධිපති සුජීව විජේසේන මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට රඳවා ගැනීමේ නියෝග ලබාගැනීමට පොලිසිය කටයුතු යොදා තිබේ.
මෝදර පොලිස් ස්ථානාධිපති සුජීව විජේසේන මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ප්‍රේමලාල් විජේරත්න_මව්බිම
Share this
|
|
0 Comment to "වැලිකඩ හිරේ ඉඳන් ෆෝන් එකෙන් කුඩු ජාලය මෙහෙයවන කෙරුමාගේ නම හෙළිවෙයි"
Post a Comment