18 November, 2016

නිරුවත් මිනිසුන්ගේ ගම්මානයක් ගුවන් යානයක සිටි මිනිසුන් දකී

ඇමසන් වනයට ඉහළින් පියාසර කරමින් තිබූ ගුවන්යානයක ගමන්ගත් පුද්ගලයකු විසින් ලබාගත් ඡායාරූප කිහිපයක් විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍ර‍චාරය වෙමින් තිබෙනවා. 

යනෝමාමි නම් ආදිවාසි ගොත්‍රික ජනාවාසයක් මෙසේ ඡායාරූපයට නගා ඇති බවයි පැවසෙන්නේ. ඇමසන් වනයේ බ්‍ර‍සීලය සහ වෙනිසියුලාව සීමාවේ මෙම ගෝත්‍රිකයින් 35000ක් පමණ ජීවත්වන බවයි වාර්තා වන්නේ.

ඡායාරූපය ලබාගෙන ඇති ගම්මානයේ මිනිසුන් 100ක් පමණ ජීවත්වන බවයි විදෙස් වාර්තා පවසන්නේ. 

ඇතැම් මිනිසුන් කිසියම් කුඩා වස්ත්‍ර‍යක් ඇඳ ඇති බවත් ඇතැමුන් නිරුවතින්ම සිටි බවත් ගම්මානය සියැසින් දුටුවන් පවසා තිබෙනවා.

මෙම ගම්මානයන් බාහිර මිනිසුන්ගේ පා නොගැටුණු ගම්මාන ලෙසයි සැලකෙන්නේ.

බටහිර ජාතීන් විසින් මෙම ජන වර්ගය සොයාගෙන ඇත්තේ 1759 දීය.



src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjgIPnJKc1K4WEmrY7GXmLKtkJWH2VHPfNXaEX_wgl6M-MSTAuTYpbTJjvC6_laVX_sXonjswwOB0HpWH2FDQuyvGDHPQNUNs_jt_dCmi-GitA9SV5toQsDz1tcLlqcp3TpTO5QGGgaeNtB/s400/yanomami-02.jpg" width="400">




_නෙත්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "නිරුවත් මිනිසුන්ගේ ගම්මානයක් ගුවන් යානයක සිටි මිනිසුන් දකී"

    Post a Comment