17 November, 2016

'බොන්ඩ් වංචාව' කළ අයට 'බොන්ඩ්' කැම්පස් එකේන් උපාධියකුත් තියනවලු!

කවුන්සිලේ ලොබියෙ කතාසරිත් සාගරේ දිග ඇරිල.... ආණ්ඩු පක්ෂයෙ පසුපෙළ කස්ටියකුයි විපක්ෂයෙ පසුපෙළ කස්ටියකුයි උතුරැ නැගෙනහිර පක්ෂවල තව දෙතුන් දෙනෙකුයි 'මචං' ලෙවල් එකේ කතාවකට සැට්වෙලා හිටියා....
මාතෘකාව මහ බැංකුවෙ 'බොන්ඩ්' නැත්නම් බැඳුම්කර ප්‍රශ්නය.... මේ කතාබහ යන අතරෙ එතන හිටපු පුටු පාටියෙ මන්ත්‍රී සයිස් මහත්තයෙක් අපූරැ සොයාගැනීමක් කරල... ඒක එතන හෙළිදරව් කළා.... 

'දන්නවද ඔය බොන්ඩ් වැඩ කරන්න නිකම්ම බැහැ... ඒකට විශේෂ උපාධියක් තියෙනවා....' උන්නැහේ කිව්වා....
ඒ ගමන ඒකාබද්ධ විපක්ෂයෙ ආර්ථික කෙරැමෙක් කතාකළා.

'බොන්ඩ්වලට උපාධියක් තියනවා මම නම් ජීවිතේ පළවෙනි පාරටයි ඒක
ඇහුවෙ...'

ඒ ගමන බොන්ඩ් උපාධිය ගැන සොයාගත්ත මන්ත්‍රීතුමා ආයෙත් කතා කළා.... 

'අපි දන්නෙ නැති දේවල් කොච්චර තියනවද? සහෝදරය, මේකයි කතාව.... ඕස්ට්‍රේලියාවෙ තියෙනව `බොන්ඩ්` කියල විශ්වවිද්‍යාලයක්. ඉතින් ලංකාවෙ මේ බොන්ඩ් ජරමරේ කරපු හාදය උපාධිය අරන් තියෙන්නෙ එතනින්ලු... `බොන්ඩ්` එකෙන් උපාධියක් ගත්ත මිනිහෙකුට මේ වගේ වැඩක් කජ්ජක්ද?' මන්ත්‍රීතුමා කතාවට තිත තියන්න හැදුව.....

'අනේ නිකම් පච ගහන්න එපා යාලුව...' සෙසු මන්ත්‍රී සගයො හිනාවෙමින් විහිළු කළා....

'අම්මපා ඇත්ත... ගිහිල්ල නෙට් එක බලපල්ල බොරැද? කියල...' උන්නැහේ එහෙම කියලා යන්න ගියා...

cartoon-polititians-bond

_දේශය

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "'බොන්ඩ් වංචාව' කළ අයට 'බොන්ඩ්' කැම්පස් එකේන් උපාධියකුත් තියනවලු!"

    Post a Comment