එහෙත් යළි ඇය සිහිපත් වන පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට ඊයේ (16) වාර්තාවුණා.
ඒ, සෞදි අරාබියේදී මාස 9 ක බිළිඳියක මියයාමේ සිද්ධියකට මරණ දඩුවම නියමවී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් එම දඩුවමෙන් නිදහස් වී දිවයිනට පැමිණීම හේතුවෙන්.
29 හැවිරිදි මානික්කම් රාණි නැමති මෙම කාන්තාව, ගලේවෙල - 44 කණුව ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.
පිරිසිදු කරන්නියක ලෙස රට රැකියාවට යන ඇය, සේවය කළ නිවසේ කුඩා බිළිඳියක 2014 වසරේ නොවැම්බර් 15 වනදා මියයන්නේ සූප්පුවක් උගුරේ සිරවීමෙන්.
දරුවාගේ මුඛයෙහි සූප්පුව සවිකළ බෝතලය මාණික්කම් රාණි විසින් තබා තිබූ අතර, ඒ අනුව මරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල කළ හාම්පුතුන්
ඇයව පොලීසියට භාරදී තිබුණා.
අනතුරුවයි වසර 10 ක සිර දඩුවමකින් පසු ඇය ගෙළ සිඳ ඝාතනය කිරීමට සෞදි අධිකරණය නියෝග කර ඇත්තේ.
කෙසේ වෙතත් සිද්ධියට අදාළව ලක් රජයෙන් සිදුකළ කරුණු දැක්වීම්වලින් පසු ඇයට වසර එකහමාරක සිර දඩුවමක් ලබාදී නිදහස් කිරීමට සෞදි බලධාරීන් පියවර ගත්තා.
එම සිර දඩුවම් කාලය ගෙවා අවසන් කිරීමෙන් අනතුරුවයි මෙම කාන්තාව ඊයේ දිවයිනට පැමිණියේ.

_හිරුගොසිප්
Share this
|
|
0 Comment to "රිසානා නෆීක් පිළිබඳ මතකය අලුත් කළ තවත් සංවේදී කඳුළු කතාවක්"
Post a Comment