බීමතින් නොසිටි රියැදුරකුට බීමත්ව සිටි බවට පවරා තිබූ නඩුවක් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ සැකකාර රියැදුරාගෙග් නීතිඥවරුන් විසින් කරන ලද කරුණු දැක්වීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස අවවාද කරනු ලැබීය.
මහේෂ් උදය කුමාර ඩයස් නමැති රියැදුරකුට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.
මෙම නඩුව සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම එකඟතාව මත සමථයකට පත් වීමට දෙපාර්ශ්වයම එකඟ බව නීතිඥවරුන්
අධිකරණයට දැනුම් දී සිටියේය.
මෙම අවස්ථාවේ මහෙස්ත්‍රාත්වරිය දෙපාර්ශ්වය එකඟතාවක් තිබේ නම් සමථය ලබන පෙබරවාරි නව වැනි දින අධිකරණයට දැනුම් දෙන ලෙසත් බීමත් රියැදුරන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සමඟ සිටින දූ දරුවන්, මවුපියන් පිළිබඳව සැලකිලිමත් වී කටයුතු කරන ලෙසත් අවවාද කළාය.

ආනන්ද වීරසූරිය_මව්බිම
Share this
|
|
0 Comment to "බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේදී වාහනය තුළ සිටින පවුලේ අය ගැන සැලකිලිමත් වන්න"
Post a Comment