16 November, 2016

මම ගොඩක් සරළ කෙනෙක්

ළමා නිළියක් ලෙසින් රංගනයට පිවිසි ඈ දැන් නව යොවුන් තරුණියක්. මේ දිනවල ඇය අප හමුවට එන්නේ 'අරුමවන්ති' ටෙලි නාට්‍ය හි 'අසේකා' ලෙසිනි.ඇය ඉසුරි නවෝද්‍යා රංගනී .

*කොහොමද ඉසුරි ජිවිතේ ?

හ්ම්... හුඟක් සතුටින් ගෙවෙනවා

*ඔබ කැමැති ඉසුරි කියල කතා කරනවටද අසේකා කියල කතා කරනවටද ?

අසේකා කියලා තමයි හැමෝම දන්නේ.එත් මම කැමැති ඉසුරි කියලා කියනවා නම්

*කොහොමද ‘අසේකාට’ ලැබෙන ප්‍රතිචාර

හොඳයි.ගොඩක් අයට මාව අදුර ගන්න බැහැ. පුංචි කාලේ නිර්මාණවලට දායක වුණ නිසා දැන් පෙමිවතියක් හරහා දකින්න ලැබෙනවා.ඉතින් ගොඩක් පිරිසකගේ ආදරේ උපරිම ලැබෙනවා. මාව වෙනස්ම ආකාරයකින් ප්‍රේක්ෂකයන් අතර ගිය නිසා ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ඉහළයි.

*‘අරුමවන්ති’ ටෙලි නාට්‍යට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ ?

සන්ද්‍යා මෙන්ඩිස් මහත්මියගේ ආරාධනාවෙන් ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නේ.ඒකට මුලික වුණේ මම සුසිල නිෂ්පාදන ආයතනයත් එක්ක වැඩකර නිසා.

*රංගනය ඔබට නුපුරුදු දෙයක් නොවේ

ඔව්. ඇත්තටම මම අවු.6 දී තමයි මුලින්ම රංගනයට පිවිසෙන්නේ.ඒ 'water' චිත්‍රපටයට තුළින්.ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න මුලින්ම අවස්ථාව එන්නේ අවු.8 දී ඒ ලක්ෂ්මන් විජේසේකර මහතා අධ්‍යක්ෂණය කර 'දඟයන්ට පමණයි ' ටෙලි නාට්‍ය තුළින්. ඊට පස්සේ විවිධ ටෙලි නාට්‍ය වල ළමා නිළියක් ලෙසින් රඟපෑමට එකතු වෙනවා.

*ළමා නිළියක් ලෙස පැමිණි ඔබට පෙම්වතිය ගේ චරිතේ කරන්න අපහසු වුණේ නැද්ද ?

ඇත්තටම ගොඩක් බය හිතුණා.ටිකක් නුහුරුයි,කරන්න තියන දේවල් එක්ක.එත් සෙට් එකෙන් ලොකු සහයෝගයක් ලැබුණා.ඒ වගේම විරාජ් අයියගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා.

*‘අසේකා’ කියන්නේ මොනවගේ කෙනෙක්ද ?

සරල චරිතයක්.හැමෝටම ආදරය කරන සැහැල්ලු චරිතයක්

*සැබෑ ජිවිතෙයේ ඉසුරි

මම ගොඩක් නිහඩ කෙනෙක්. ඇත්ත වෙනුවෙන් ජීවත්වෙන,ඇත්ත වෙනුවෙන් කතා කරන,ගොඩක් සරල කෙනෙක්.

*ඉසුරි ගේ සැබෑ ජිවිතයේ තොරතුරු දැනගන්න කැමැතියි

මගේ ගම ගම්පහ.මම පාසල් දෙකක අධ්‍යාපනය ලැබුවා .ඒ ගුරුකුල මහා විද්‍යාලයෙන් හා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයෙන්.2015 A/L කළේ. දැනට විශ්වවිද්‍යාල අධ්‍යාපනය සදහා යොමු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.මට අම්මයි තාත්තයි ,අයියයි,නංගියි ඉන්නේ.

*අධ්‍යාපන කටයුතුත් එක්ක රංගනය මඟ හැරේවිද ?

මම හිතන්නේ නෑ කියලා.මම දෙකම සමබරව කරගෙන යන්න උත්සහා කරනවා .මම පොඩි කාලේ ඉඳන්ම කලාවට ගොඩක් කැමැතියි.කථක් නර්තනය ඉගෙන ගන්න ආසාවක් තිබුණ කෙනෙක්. තාත්තගේ උනන්දුව නිසා තමයි ඉගෙන ගත්තේ.

*ඉදිරියේදී ලැබෙන ඕනෑම චරිතයක් රඟපානවද ?

ලැබෙන හැම චරිතයක්ම භාර ගන්නේ නැහැ .මම දන්නවා මගේ ජිවිතේ සිමාවන්.සිමාවෙන් එහාට ගියොත් එක මට හොඳ නැහැ.මම තාම ඉගෙන ගන්න කෙනෙක්.ඒ සිමා ඇතුළේ මට කරන්න පුළුවන් දෙයක් නම් මම කරනවා.

*රංගන ශිල්පිනියක් විදියට මේ ලැබුණු අවස්ථව ගැන කිව්වොත්

මට මේ ලැබුණු අවස්ථාව ගොඩක් වටිනවා .මම කැමැති වෙනස් විදියේ චරිත රඟපාන්න .රංගනය ගත්තහම විවිධ පරාසයන් ගොඩක් තියනවා.ඒ හැමදේම සොයාගෙන යන්නයි මම ආස.

*ඉදිරියේදී ඉසුරිව දකින්න ලැබෙන නිර්මාණ මොනවද ?

දැනට අරුමවන්ති ටෙලි ඩ්‍රාමා එකේ වැඩවලට සහභාගී වෙන නිසා වෙනත් නාට්‍යන්ට සම්බන්ධ වෙන්න කාලය වෙන්න කර ගන්න අමාරුයි.හෙමින් අලුත් නිර්මාණ වලට දායක වෙන්න හිතන් ඉන්නවා.

*ඉදිරි බලාපොරොත්තු

මට දැනට ඉලක්ක දෙකයි තියෙන්නේ. එක විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු හොදින් කර ගෙන යන එක. අනිත් එක කලාවෙන් ඉදිරියට යන එක.

isuru-navothya-rangani

isuru-navothya-rangani-2

නිලුපුලී නිසංසලා සඳකැලුම්_දිනමිණ

ඡායාරූප - රුවන් විජේසිංහ

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මම ගොඩක් සරළ කෙනෙක්"

    Post a Comment