15 November, 2016

තරුණියක්‌ බලාපොරොත්තු තියාගෙන ඉන්නවා : මාධ්‍යයට කියන්න බැහැ - ධනංජය

වසර 17 කට පසුව කැන්ගරුවන්ට පාඩමක්‌ කියාදෙමින් ශ්‍රී ලංකා කොල්ලො කරපු වික්‍රමය ගැන ක්‍රීඩා ලෝලීන්ට අමුතුවෙන් මතක්‌ කරල දෙන්න දෙයක්‌ නෑ. 

මේ ජයග්‍රහණයත් එක්‌ක ශ්‍රී ලංකා පිලේ අලුත් මුහුණු කිහිපයක්‌ම පෙරළියක්‌ කරමින් කරළියට අවා. 

ඇත්තටම අලුත් කොල්ලො ටික මේ ජයග්‍රහණයේදී වැඩිබරක්‌ ඇද්ද කිව්වොත් වරදක්‌ නැති තරමටම ඔවුන් වැඩේ හොඳට කළා. 

අපි හිතුවා ඒ විදිහට කැපී පෙණුනු තුන්ඉරියව් ක්‍රීඩකයෙක්‌ව අප හා සම්බන්ධ කරගන්න. 

මේ වෙන කවුරුත් නෙමෙයි. ශ්‍රී ලංකා කණ්‌ඩායමේ අලුත්ම තුන් ඉරියව් තරුව ධනංජය ද සිල්වා

ක්‍රිකට්‌ ක්‍රීඩාවට යොමුවුණේ ?

වයස අවුරුදු දහයේ ඉඳන් මම ක්‍රිකට්‌ ක්‍රීඩා කරනවා.

ජාතික කණ්‌ඩායමට එකතුවෙන්න ලැබුණේ කොහොමද?

අවුරුදු දහනවයෙන් පහළ කණ්‌ඩායමට මම ක්‍රීඩා කළා. එහිදී හොඳින් ක්‍රීඩා කරපු හින්දා තමයි මට මේ අවස්‌ථාව උදාවුණේ.

තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය ඔබ ගැන මොකද කිව්වේ ?

සනත් සර් තමයි මට ටෙස්‌ට්‌ ක්‍රීඩා කිරීම් අවස්‌ථාව ලබාදුන්නේ. කණ්‌ඩායම වෙනුවෙන් උපරිම දස්‌කම් පෙන්වන්න කිව්වා.

ඔබේ හැකියාවන් ගැන ?

ගොඩක්‌ සන්තෝස වුණා. හරි වෙලාවේදී කණ්‌ඩායමට එකතුකරගැනීම හින්දා ඔවුන්ගේ උත්සාහය සාර්ථකයි කියලයි මම නම් හිතන්නේ.

මේ දිනවල ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද?

ගොඩක්‌ හොඳයි. මම උපරිම උත්සාහ කරන්නේ කණ්‌ඩායම වෙනුවෙන් උපරිම දක්‍ෂතා පෙන්වන්න.

කණ්‌ඩායමේ නායකයා ඇන්ජලෝ මැතිව්ස්‌ මොකද කිව්වේ ?

ගොඩක්‌ හොඳ ප්‍රතිචාර තියෙනවා. අපි දිනාගෙන යනකොට හැමෝගෙම හොඳ ප්‍රතිචාර ලැබෙනවා වගේම නායකයාගෙන් පවා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඔහු නිතරම කියන්නේ කණ්‌ඩායම දිනවන්න ක්‍රීඩා කරන්න කියලයි.

ලෝකයේ හොඳම පන්දු යවන්නෙක්‌ වන මිචෙල් ස්‌ටාක්‌ට මුහුණදීම ගැන කතා කළොත් ?

මට ගොඩක්‌ ලොකු අත්දැකීමක්‌ ලැබුණා. මගේ පළමු තරගයේදීම මෙවැනි කණ්‌ඩායමක්‌ සමග ක්‍රීඩා කරන්න ලැබීම මගේ ජීවිතයේ ලැබූ ලොකු ජයග්‍රහණයක්‌.

ඔස්‌ට්‍රේලියානු පිලේ අපහසුම පන්දුයවන්නා කවුද?

මම හිතන්නේ මුලින් සඳහන් කළා වගේ මිචෙල් ස්‌ටාක්‌.

පන්දුවට පහරදීමට යද්දී බයහිතුණ අවස්‌ථා එහෙමත් ඇතිනේ ?

එහෙම නැහැ. හැම අවස්‌ථාවකදීම පීඩනයක්‌ තිබුණා. මොකද මම ක්‍රීඩා කරන්න යද්දී අපේ කණ්‌ඩායමේ කඩුලු බිඳවැටිලයි තිබුණේ.

මේ තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා ඔබ ?

අපේ කණ්‌ඩායමට ලකුණු වුවමනා වෙලාවේ ලකුණු ලබාදීමට හැකිවීම ගැන ගොඩක්‌ සන්තෝසයි.

ගෙදරින් මොකද කිව්වේ ?

හොඳ ප්‍රතිචාර තියෙනවා. මීටත් වඩා හොඳට ක්‍රීඩා කරන්න කියලයි කියන්නේ. ගෙදර අයත් මේ තරග නරඹන්න ආවා.

ජාතික කණ්‌ඩායමට එකතුවීම ගැන යමක්‌ පැවසුවොත් ?

අවුරුදු හතරක්‌ තිස්‌සේ මේ අවස්‌ථාව උදාවෙනකම් බලාගෙන හිටියා. මට හොඳම අවස්‌ථාවේදී කණ්‌ඩායමට එකතුවෙන්න ලැබුණා කියලයි මට හිතෙන්නේ.

ධනංජයගේ සිහිනය සැබෑවුණා ?

ඔව්. මගේ සිහිනය සැබෑවුණා.

පන්දුවට පහරදෙනවිට ඔබට 
ඔස්‌ට්‍රේලියානු පන්දුයවන්නන් බැන්නා කියන්නේ ඇත්තද?

මුලදී නම් ඒ වගේ සිද්ධි ඇතිවුණා. පන්දුයවන්නන් වගේම පන්දුරකින්නන් මුලදී නම් බැන්නා. අන්තිමේ ඔවුන්ගෙන් හිතදිනාගන්න හැකිවුණා.

ඒ වෙලාවේ ඔබට බයහිතුණාද?

අපොයි නැහැ. ඒ වෙලාවේ තවත් මගේ හිත දැඩිවුණා.

මේ දිනවල හරියට රසිකාවියන්ගෙන් ඇමතුම් ගලාගෙන එනවානේද?

එහෙම නැහැ. මගේ Fan පේඡ් එකේ ගොඩක්‌ හොඳ ප්‍රතිචාර තියෙනවා.

තරුණියක්‌ ධනංජය ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවා කියන්නේ ඇත්තද?

ඔව්. මා ගැන තරුණියක්‌ බලාපොරොත්තු තියාගෙන ඉන්නවා.

ඇය ඔබේ හැකියාවන් ගැන මොකද කිව්වේ ?

ඇයටත් ගොඩක්‌ සතුටුයි.

ඇය තරඟ නරඹන්න ආවාද?

ටෙස්‌ට්‌ තරග නම් නරඹන්න ආවේ නැහැ. ගොඩක්‌ දුරට එක්‌දින තරග නරඹන්න ඒවි.

ධනංජය ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න තරුණිය ගැන විස්‌තර ටිකක්‌ කියමුනේද?

දැන්ම ඒ ගැන මාධ්‍යයට කියන්න බැහැ. ඉදිරියේදී බලමු.

ශතකය ලැබූ අවස්‌ථාවේ ඇය සුබ පැතුවා කියන්නේ ඇත්තද?

ඔව්. ඇයගෙන් සුබ පැතුමක්‌ ආවා.
dhananjaya-de-silva-05

dhananjaya-de-silva

dhananjaya-de-silva-02

chandimal-dhananjaya-03


ගයාශාන් විතානආරච්චි
ඡායා – නදුන් බඳුගේ

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තරුණියක්‌ බලාපොරොත්තු තියාගෙන ඉන්නවා : මාධ්‍යයට කියන්න බැහැ - ධනංජය "

    Post a Comment