11 November, 2016

"අමෙරිකාවේ අවසාන ජනපති ඔබාමා" - ට්‍රම්ප්ට මොකද වෙන්නේ - බාබා වැන්ගා අනාවැකිය මෙන්න

සුප්‍රසිද්ධ අන්ධ අනාවැකිකාරිනියක් වන බාබා වැන්ගා පළ කල අනාවැකියක් මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙහිදී ඇය පවසා ඇත්තේ බැරැක් ඔබාමා ‘අවසාන ඇමරිකානු ජනාධිපතිවරයා‘ බවයි.

ඇමරිකාවේ 44වන ජනාධිපතිවරයා ලෙස අප්‍රිකානු ඇමරිකානුවෙක් පත්වන බව ඇය පළකල අනාවැකිය පසක් වූයේ බැරැක් ඔබාමා ජනපති වෙමින්.

2001 වසරේ ඇමරිකාවේ ලෝක වෙලඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය, 2004 වසරේදී ඇති වූ සුනාමි ව්‍යසනය, අයි එස් අයි එස් ත්‍රස්තවාදීන්ගේ ආරම්භය පිළිබඳවත් ඇය මීට පෙර පලකල අනාවැකි සාර්ථක වුණා.

කෙසේ නමුත් බැරැක් ඔබාමා ‘අවසාන ඇමරිකානු ජනාධිපතිවරයා‘ බව ඇය පළ කල අනාවැකියෙන් අදහස් වන්නේ කුමක්දැයි මේ වන විට බොහෝ දෙනාට ගැටලුවක් වී ඇති බව සඳහන්.

වර්තමාන ජනාධිපති බැරැක් ඔබාමාගේ නිළ ධූර කාලය අවසන් වන්නේ 2017 වසරේ ජනවාරි 20නි.

පසුගියදා පැවති ජනාධිපතිවරනයෙන් ජය ලැබූ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන්නේ ඉන් අනතුරුවයි.

baba-vanga

_නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to ""අමෙරිකාවේ අවසාන ජනපති ඔබාමා" - ට්‍රම්ප්ට මොකද වෙන්නේ - බාබා වැන්ගා අනාවැකිය මෙන්න"

    Post a Comment