18 October, 2016

‘මා හට අවමන් කරන සැමට හදපත්ලෙන්ම ආදරය කරමි‘ – රැකියා වීඩියෝව ගැන ඇමති සජිත් කියන කතාව

‘උස ඇති නම් සිකුරිටි උස මදි නම් කම්කරු‘ මේ දිනවල අපේ බුකියේ ඉන්න උදවියගේ දිවඅග තියන වචන පෙල.

මේ කතාව කරළියට එන්නේ නිවාස හා ඉදිකිරීම් ඇමති සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පසුගිය දිනෙක කරන ලද ප්‍රකාශයක් සම්බන්ධවයි.

හම්බන්තොට ප්‍රදේශයේදී පැවති රැකියා විරහිත තරුණ තරුණියන්ගේ හමුවකදී ඇමතිවරයා මෙම ප්‍රකාශය කර තිබූ අතර තමන් මුලින්
රැකියා අවස්ථා ලබාදෙන්නේ ඔහුට ඡන්දයට වැඩකළ පිරිසට බවත් එහිදී කියා තිබුණා.

කොහොම වුණත් ඇමතිවරයගේ මේ ප්‍රකාශය අලලා මේ වන විට බුකියේ උදවිය විවිධ නිර්මාණයන් පවා කරමින් ඉන්නවා.

හම්බන්තොට පල්ලේමලල ප්‍රදේශයේ 11 වන ගම් උදාව ගම්මානය ලෙස ‘සෙත්සදගම‘ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත වුණා.

මේ අවස්ථාවේ වීඩියෝව සජිත් මැතිතුමාගේ නිළ ෆේස්බුක් ගිණුමේ ඊයේ(17) පළවී තිබුණා.

පසුගියදා ඇමතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධව බොහෝ දෙනෙකු මෙහි ප්‍රතිචාර දක්වා තිබුණා.

එහිදී ඇතැම් අය අමාත්‍යවරයාගෙන් විමාසා තිබුණේ ‘‘ඡන්දෙදි ඔබට වැඩකළ පිරිස් වලට පමණක් රැකියා අවස්ථා ලබාදීම සාධාරණද යන්නයි‘‘

කෙසේ වෙතත් අමාත්‍යවරයාද මෙම ප්‍රතිචාරයන්ට පිළිතුරු දී තිබුණා.

ඔහු එහිදී පවසා තිබුණේ හම්බන්තොට ප්‍රදේශයේ විශාල රැකියා වියුක්තියක් පවතින් බවත්, හම්බන්තොට වරාය හා ගුවන්තොටුපළ ව්‍යාපෘතීන් එම ප්‍රදේශයේ අලුතින් රැකියා උත්පාදනය කිරීමට අපොහොසත් වී ඇති බවත්ය.තමන්ට පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා කිහිපයක් ලැබී තිබෙන බවත් ඔහු පවසා තිබුණා.

‘‘මාගේ චරිතය ඝාතනය කරන සහ මාගේ නමට අවමන් කිරීමට උත්සහ දරන හැමෝටම මා හදපත්ලෙන්ම ආදරෙයි. දිගටම මා හට නින්දා කරන්න‘‘ යනුවෙන් සජිත් ප්‍රේමදාස ඇමතිවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබුණා.

sajith-premadasa-03

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "‘මා හට අවමන් කරන සැමට හදපත්ලෙන්ම ආදරය කරමි‘ – රැකියා වීඩියෝව ගැන ඇමති සජිත් කියන කතාව"

    Post a Comment