පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් රවටාගෙන තම නිවෙසට කැඳවාගෙන ගොස් තම ස්වාමියාට දූෂණය කිරීමට පෙලඹවීම හා අනුබල දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 22 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඊට අමතරව, බාල වයස්කාර දැරිය නීත්‍යනුකූල භාරකාරිත්වයෙන් අපහරණය කර ස්ත්‍රී දූෂණයක් සිදුකිරීම සම්බන්ධයෙන්, ඇයගේ ස්වාමි පුරුෂයාද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව, ලබන 24දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට කන්තලේ මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.
මෙලෙස රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ කින්නියා කිරිඤ්ඤං කේනි ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි එක්දරු පියෙක් සහ සැකකරුගේ බිරිඳ වන 22 හැවිරිදි කාන්තාවක්.
අපයෝජනයට ලක්වූ 15 හැවිරිදි දැරියගේ මව විදේශ ගතවී ඇති අතර පියා වෙනත් විවාහයක් කරගෙන වෙනත් ප්‍රදේශයක පදිංචිව සිටින
බැවින් දැරිය වාසය කරන්නේ සිය මිත්තණියත් සමඟයි.
සිද්ධියට සම්බන්ධ 22 හැවිරිදි කාන්තාව අසල නිවෙසක පදිංචිව සිටින්නියක්.
සිද්ධියට සම්බන්ධ 22 හැවිරිදි කාන්තාව අසල නිවෙසක පදිංචිව සිටින්නියක්.
ඇය මෙම දැරියට යෝජනා කොට ඇත්තේ තමන්ගේ නිවෙසට ගොස් තම සැමියාගේ බිරියන් ලෙසට විවාහ වී දෙදෙනාම එම නිවෙසේ එකට සතුටින් ජීවත් වෙමු යන්නයි.
අනතුරුව දැරිය රවටාගෙන සිය නිවෙසට රැගෙ ගිය සැකකාරිය දැරිය සමඟ අඹු සැමියන් ලෙස හැසිරීමට තම ස්වාමියාට භාරදී තිබෙනවා.
අනතුරුව දැරිය රවටාගෙන සිය නිවෙසට රැගෙ ගිය සැකකාරිය දැරිය සමඟ අඹු සැමියන් ලෙස හැසිරීමට තම ස්වාමියාට භාරදී තිබෙනවා.
තිස් දෙහැවිරිදි සැකකරු තම බිරිඳගේ කැමැත්තෙන් පහලොස් හැවිරිදි දැරිය කීප විටක්ම දූෂණය කරන ලද බව අධිකරණයේදී අනාවරණය වී ඇත්තේ.
දැරියගේ මිත්තණිය සිද්ධිය සම්බන්ධයෙන් වාන්ඇළ පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවරගෙන තිබෙනවා.
දැරියගේ මිත්තණිය සිද්ධිය සම්බන්ධයෙන් වාන්ඇළ පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවරගෙන තිබෙනවා.

Share this
|
|
0 Comment to "සැමියත් එක්ක එකගෙයි කන්න 15 වියැති දැරියක් බිල්ලට ගනී - දැරිය කිහිපවිටක්ම දූෂණය කරලා"
Post a Comment