19 October, 2016

මම ගහපු සැලැස්මේ හැටියට මම අවුරුදු 27 දී බදින්න ඕනේ

"හදාගන්න දේවල් ගොඩක් තියෙනවා."

"සිරි පැරකුම්" චිත්‍රපටයෙන් ලාංකේය සිනමාව තුළ නොමැකෙන ස්ථානයක් සනිටුහන් අකිල ධනුද්දර පැවතෙන්නේ කළාවට වඩාත් සමීප පවුලකින්. ඒ ප්‍රවීන කලා ශිල්පියෙකු ලෙස ප්‍රචලිත ජැක්සන් ඇන්තනිගේ වැඩිමහල් පුතුය.

ඒ අනුව අකිල නර්ථනයෙන්, රංගනයෙන් තම කලා හැකියාවන් වැඩි දියුණු කරගනිමින් නව නිර්මාණ සමඟ රසික හදවත් අතරට සමීප වන්නේ සිය පියාගේ අඩිපාරේ යමින්ය. ශ්‍රී ලංකේය සිනමාවේ වෙනසකට නව මාවතක් සකස් කළ අකිල සමඟ සුහද කථාබහක හිරු ගොසිප් නිරතවුණා.මේ එම සුහද පිළිසඳරයි.

අකිල කලාවට ආවේ කැමැත්තෙන්ද? නැත්නම් පවුලේ සියළු දෙනා කලා ක්ෂේත්‍රයේ රැ‍ඳි සිටින නිසාවෙන්ද ?

හැමෝම හිතනවා අපි කලා පවුලක නිසා අහසින් කඩා වැටුණ වගේ අමුතුම ජීවීන් කියලා. එහෙම නෑ. මම පුංචි කාලේ ඉඳන්ම අප්පච්චි තරුවක් විදියට දැක්කා. රඟපානවා දැක්කා. මිනිසුන්ගේ ආදරය දැක්කා. අපේ ගෙදර අය මොනවගේ අයද කියලා දැක්කා. අප්පච්චි ඒ රංගනයට ගෞරව කරනවා දැක්කා.

ඒ වගේම දෙන්නෙක් ඒ කලාවම කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා දැක්කා. ඒ හින්දා මම එතනට නොගිහින් ඉන්න ඕනේ කියන දේ දැක්කා. ඒකට නොගිහින් ඉන්න කල්පනා කළා.

ටික කාලයක් යනකොට මම ලොකු වෙනවා. මම ව්‍යාපාරිකයෙක් වෙන්න ආස කළේ. ඒ හින්දා ඒ කාලේ ඉදන්ම ව්‍යාපාරිකයෙක් වෙන්න ඉගෙන ගන්නවා. ප්‍රශ්නයක් නැතුව මම වෙන ගමනකුත්, අනිත් අය කලාකාරයෝ වෙන්න ඕනේ කියන ගමනත් කරගෙන ගියා.

නමුත් හදිස්සියේ “දිගු දෑස“ කියලා මියුසික් විඩීයෝ එකට කථා කරනවා. මම කැමති නැති නිසා බෑ කිය කියා ඉන්නවා. හැබැයි මම එක පාරක් හා කිව්වම කොච්චර සන්තෝෂයක් ගෙදරින් ආවද කියන එක දැක්කා. කලාවට කිසිම සම්බන්ධයක් නැති වුණත් මම තීරණයක් ගන්නවා මේක කරලා බලන්න. මේ කරලා බලපු එක තමයි.

අකිල ගෙදරදි වැඩියෙන්ම රණ්ඩු වෙන්නේ කා එක්කද ?

අම්මා එක්ක

දැන් වයස කීයද ?

මට 26යි.

ආදරය විවාහය ගැන ගෙදරින් ලැබෙන උපදෙස් මොනවද ?

උපදෙස් කියන්නේ ආදර්ශය. ගෙදර අය ආදර්ශමත් විදියට ජීවත්වෙනවා. දරුවන් ලබලා සතුටින් ජීවත්වෙන්න තමයි හිතන් ඉන්නේ.

විවාහවෙන කෙනා මොනවගේ වෙන්න ඕනෙද ?

අපේ අම්මා වගේ වෙන්න ඕනේ. මගේ හැමදෙයක්ම මම සැලසුම් සහගතව කරනවනේ. අවුරුදු 21දී මම ගහපු සැලැස්මේ හැටියට මම අවුරුදු 27 දී බදින්න ඕනේ. අවුරුදු 30ක් විතර වෙනකොට දරුවෝ ලබන්න ඕනේ. මිනිහෙක් වෙන්න ඕනේ. තාම කොල්ලෙක් නේ. ඒක කරගන්න පුළුවන්වෙයිද දන්නේ නෑ. මගේ අදහස මම තනියම කරගන්න ඕන.

මෑත කාලේ සිද්ධවුණු රසවත් සිද්ධියක් මොකක්ද ?

ළඟදි නම් මට මගේම සහෝදර සහෝදරියන් පිරිසක් එක්ක වැඩකරන්න ලැබුණා.

මුලින් ඒ අය එක්ක රණ්ඩු වුණා. කථාබහ කළා. හරියට අඳුනගෙන හිටියේ නැති නිසා. පස්සේ අපි 07දෙනා එක්ක එකට කථාබහ කරලා දැන් ගොඩාක් සමීප වුණා. දැන් නම් ඒ අය නැතුවම බැහැ. ඒ මගේ Hiru MegaStars කණ්ඩායමේ සමාජිකයන්.

උදේ නැගිට්ට ගමන්ම මගේ කණ්ඩායම තමයි මතක්වෙන්නේ.

තාමත් අතපය රිදුණත් ඒවා දැනෙන්නේ නැහැ. Hiru MegaStars මට අභියෝගයක්. හදාගන්න දේවල් ගොඩක් තියෙනවා. මොකද මම කාලයක් ගිහින් මේ ක්ෂේත්‍රයට ආපු නිසා මුල ඉදලම හදාගන්න තියනවා.

akila-dhanuddhara
_හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මම ගහපු සැලැස්මේ හැටියට මම අවුරුදු 27 දී බදින්න ඕනේ"

    Post a Comment