මේ ගමනට වියදම රැපියල් කෝටි ගණනක්ලු...
පළාතෙ නොකෙරැණ වැඩ කැඩුණ පාලම් බෝක්කු හදන්නෙ නැතුව රටේ සල්ලි මේ විදියට සවාරි ගහන්න යොදාගන්න එක යහපාලනේට කොච්චර ගැළපෙනවද කියන එක නම් ලොකු ප්‍රශ්නයක්.
ඒත් මේ ගමනට පළාතෙ ආණ්ඩුකාර නෝනත් අනුමැතිය දීලා කියලයි ආරංචි.
දැන් මේ විදේස චාරිකා ප්‍රශ්නය ලොකු මාතෘකාවක් වෙලා...
දැන් මේ විදේස චාරිකා ප්‍රශ්නය ලොකු මාතෘකාවක් වෙලා...
ඉතින් මේකට අනුමැතිය දුන්නෙ ඇයි කියල හැමෝම ආණ්ඩුකාර නෝනගෙන් ප්‍රශ්න කරන්නත් පටන් අරන්ලු.
මේ ප්‍රශ්න කිරීම්වලදි එතුමිය කියන්නෙ පළාතෙ ලොකු ඇමැතිතුමා රටේ ලොකු මහත්තයත් මේ ගමන
අනුමත කළ බවට දුන්න පොරොන්දුව නිසා තමනුත් ලියුම අස්සන් කළ බවයි.
ඒත් අන්තිමට බලනකොට මේ රට සවාරිය ගැන ආණ්ඩුවෙ ලොකු මහත්තය දන්නෙත් නැතිලු.
ඒත් අන්තිමට බලනකොට මේ රට සවාරිය ගැන ආණ්ඩුවෙ ලොකු මහත්තය දන්නෙත් නැතිලු.
ඒ නිසා තමන් රවට්ටල ලියුම අස්සන් කරගත්තා කියල ආණ්ඩුකාර නෝන ලොකු දෝස්මුරයක් දැම්මලු.
ඒ මොනව වුණත් මේ මැති ඇමතිගොල්ල මහජන මුදලින් රැසියාවට යන්න සේරම ලෑස්තිකරල තියෙද්දි මාර බාල්දියක් පෙරලුණා.
ඒ මොනව වුණත් මේ මැති ඇමතිගොල්ල මහජන මුදලින් රැසියාවට යන්න සේරම ලෑස්තිකරල තියෙද්දි මාර බාල්දියක් පෙරලුණා.
රටේ ලොකු මහත්තය මේ චාරිකාව ගැන සියලු විස්තර ආණ්ඩුකාර තැනගෙන් ලබාගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි චාරිකාව තහනම් කළා.
ඒ නිසා රැසියාවට යන්න හිටපු මැති ඇමැති භවතුන් දැන් ඉන්නෙ මාර විස්සෝපෙන්ලු.

Share this
|
|
0 Comment to "රුවටිල්ල නිසා වැඩේ හබක්!"
Post a Comment