16 October, 2016

Sex ලොකු කරගත්තොත් ජීවිතේම විනාශයි

01. දැන් වයසට ගිහින් කියලා හිතෙන්නේ නැද්ද?

අපෝ නෑ. තවම දැනෙන්නේ ශිෂ්‍යයෙක් කියලයි.

02. ඒ කාලේ පොරක් වෙන්න මොනවද කළේ?

පොරක් වෙන්න හීනයක්වත් තිබුණෙ නෑ. තවම එහෙම මගේ හිතේ නෑ.

03. ඔබ ලව් කීයක් විතර තිබුණද?

එකම එකයි. ඒ තමයි මගේ ආදරණීය බිරිය.

04. වැඩියෙන්ම හැන්ඩ්සම් කියලා හිතුණෙ මොන ඇඳුමටද?

මෙහෙමයි. මම එහෙම කඩවසම් කියන ගණයේ කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඇඳුමකට මාව කඩවසම් කරන්න පුළුවන්වෙයි කියලා මම හිතන්නේ නෑ.

05. ෆැෂන් කරද්දී සැලකිලිමත් වෙන විශේෂ දේවල් තියෙනවද?

ඔව්. ඔව්. මම අයන් කරන්නේ නෑ. අහුවෙන එක අඳිනවා. හැබැයි මං හරි පිරිසුදුයි.

06. ජීවත් වෙන්න කට්ට කාපු හැටි මතකද?

ඔව් තාම කට්ට කනවා. ඒ කාලේ මම ජීවත් වෙන්න කට්ට කෑවා. දැන් දරුවෝ සහ බිරිය ජීවත් කරන්න කට්ට කනවා.

07. අද පරම්පරාව ඒ විදියට කට්ට කනවද?

මොන පිස්සුද, වෛද්‍ය ශිෂ්‍යයෝ විභාග අසමත් වුණාම විස එන්නත් කරගෙන මැරෙනවා. අපිට තිබුණු ප්‍රශ්නවල හැටියට විස එන්නත් කරගන්න ගියා නම් මේ ලෝකේ තියෙන ඔක්කොම විසත් මදිවෙයි.

08. දුක්විඳලා ඉගෙන ගත්තු දේවල්වලින් හිතපු ප්‍රයෝජන ලැබුණද?

මේ රටේ ඉගෙන ගත්තට ප්‍රයෝජන නැහැ. මටත් ඒ ටිකම තමයි.

09. සුදු කොණ්ඩේ කළු කරන්න එහෙම අදහසක් නැද්ද?

කිසිසේත්ම නෑ. මගේ ගෝලයෙක් වතාවක් බලෙන් කොණ්ඩේ කළු කළා. එච්චරම තමයි.

10. ලැජ්ජා, බය නිසා කොල්ලා කාලේ Sex මඟ ඇරුණාද?

නෑ. ඒ වුණාට මං ඒක කරට ගන්න ගියේ නැහැ. Sex ලොකු කරගත්තා නම් ජීවිතේම විනාශයි.

11. "ඔයාගේ ෆර්පියුම් සුවඳට මං ආසයි" කියලා මුලින්ම කිව්වේ කවුද?

කවුරුත් නෑ. මොකද මං ඒ කාලේ ෆර්පියුම් ගෑවේ නෑ.

12. දැන් කාලේ අය ලව් කරන විදිය OK ද?

අම්මෝ නෑ. උන් හිතාන ඉන්නේ ලොකුවට මඟුලක් ගත්තම හරි කියලා. උන් පව් මට දුකයි.

13. අහිමි වීම් දරාගන්න වීදුරු කීයක් හිස්කළාද?

හිස් කරපු ගාණ මෙච්චරයි කියලා කියන්න බෑ. ඒවා මහ මෝඩ වැඩ. ඒ නිසා දැන් වීදුරු හිස්කරන්නේ නෑ. කෙළින් ඉඳලා මූණ දෙනවා.

14. ලබාගන්න බැරි දේවල් ඉදිරියේ මොනවද කළේ?

එහෙමම අතහැරලා දාලා හිත හදාගෙන ගෙදර ආවා.

jayalal-rohana-give-priority-to-sex-life-destroyed

ජයලාල් රෝහණ සමඟ සාකච්ඡාව

හංසි ආටිගල - _මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "Sex ලොකු කරගත්තොත් ජීවිතේම විනාශයි"

    Post a Comment