යතුරු පැදියක ගමන් ගනිමින් සිටියදී එය ලොරියකට යටවී ඇති අතර ලොරියේ රියදුරු පලා ගොස් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කුලියාපිටිය සාරානාත් විදුහලේ 12 ශ්‍රේණියේ ඉගනුම ලබන කේසර හිරන්ත මෙම අනතුරෙන් ජිවිතක්ෂයට පත්වුණා.
ලොරිරථ රියදුරා පලායනු දුටු ඔහු සමග වෙනත් යතුරු පැදියක සිටි මිතුරෙක් ඔහුව හඹා ගිය බවත් එම අවස්ථාවේදී ලොරි රථ රියැදුරා ඔහුගේ යතුරු පැදියටද ලොරිය කිහිපවරක් හරස් කර අනතුරුදායක ලෙස බාධා කළ බවත් වාර්තා වනවා.
අනතුරුදායක ලෙස ඔහුගේ යතුරු පැදියට හරස් කපමින් ලොරිය පලා ගොස් තිබුනද නාරම්මල හොරොම්බාව ප්‍රදේශයේ තරුණ පිරිසක්ද ලොරිය හඹාගොස් පොලිසිය සමග එක්ව රියදුරු අල්ලා ගැනීමට සමත්ව තිබෙනවා.
කේසර හිරන්ත අනතුරට ලක්වූ ස්ථානය සහ ඔහුගේ මිතුරන් ශෝකය පළ කර ඇති ආකාරය පහතින්
දැක්වෙනවා.


Share this
|
|
0 Comment to "පාසැල් මිතුරා මහමග යට වී අවසන් ගමන් යද්දී ‘පලා යන ලොරිය සමග අවදානම් සටනක් කළ’ තරුණයන්ගේ කතාව"
Post a Comment