12 October, 2016

වෙලේ සුදාගේ මල්ලිගේ කුඩු ගොඩ ‘උසාවියෙන් රස පරීක්ෂකට ගිය විට’ බර වැඩිවූ හැටි

වෙලේ සුදාගේ සහෝදරයකු ළඟ තිබී අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් මිලිග්‍රෑම් සියයක් රජයේ රස පරීක්ෂක වෙත යැවීමෙන් මිලිග්‍රෑම් එකසිය අසූවක් අඩංගු බවට පත්වීමේ පුවතක් ගල්කිස්ස අධිකරණයෙන් වාර්තා වනවා.

ගම්පල විතානගේ අසෝක් කුමාර් නමැති මේ සැකකරු හෙරොයින් මිලිග්‍රෑම් සියයක් ළඟ තබාගෙන සිටියදී දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

අනතුරුව මහේස්ත්‍රාත්වරිය විසින් හෙරොයින්වල ප්‍රමිතිය සහ බර පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස රජයේ රස පරීක්ෂක වෙත යොමු කරනු ලැබ තිබූ අතර රස පරීක්ෂකවරයා විසින් හෙරොයින් මිලිග්‍රෑම් සියයේ මිලිග්‍රෑම් එකසිය අසූවක් අඩංගු බවට අධිකරණයට වාර්තාවක් ලබාදී තිබෙනවා.


එම වාර්තාවට අනුව මේ පිළිබඳව විමර්ශනයක් කර ගල්කිස්ස අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය දෙහිවල සහකාර පොලිස් අධිකාරිවරයාට නියෝග කර තිබෙනවා.


heroin-raid


-නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වෙලේ සුදාගේ මල්ලිගේ කුඩු ගොඩ ‘උසාවියෙන් රස පරීක්ෂකට ගිය විට’ බර වැඩිවූ හැටි"

    Post a Comment