08 October, 2016

කාන්තාවක් සමග වැසිකිළියට රිංගූ රග්බි තරුව මාට්ටු

නවසීලන්ත රග්බි ක්‍රීඩක ඇරොන් ස්මිත් තරඟ තහනමකට ලක්ව තිබෙනවා.

ඒ ඔහු ඕල් බ්ලැක්ස් කණ්ඩායමේ පිළිගත් චර්යාව උල්ලංඝනය කිරීම හේතුවෙන්.

ක්‍රිස්ට්චර්ච් ගුවන් තොටුපොළේ අබාධිතයින්ට වෙන් කළ වැසිකිළි කුටියකට කාන්තාවක සමඟ ඇතුළු වීම ඔහුට නැඟුණු චෝදනාවයි.

ඒ අසළ පිහිටි වැසිකිළියක සිටි අයකු පැමිනිළි කර තිබුණේ අදාළ වැසිකිළිය තුලින් ලිංගික චර්යාවන් හී නිරත වන හඬ අසුනු බවයි.

ඩර්බන් හි දකුණු අප්‍රිකාවට එරෙහිව තරග වැදීම සඳහා යමින් සිටියදී ඔහු මේ චෝදනාවට ලක් වී තිබෙනවා.

කණ්ඩායමේ පුහුණුකරු ස්ටීව් හැන්සන් ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ මේ හැසිරීම ගැන ඉතාම දැඩි ලෙස කනගාටු වන බවයි.

27 හැවිරිදි මෙම ක්‍රීඩකයා තම කණ්ඩායම, පවුල හා සහකාරිය හෑල්ලු කර දමා ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිද්ධයෙන් පසු මාධ්‍ය අමතමින් අැරොන් ස්මිත් කඳුළු පිරි දෙනෙතින් පවසා තිබුණේ තමන් මේ සම්බන්ධයෙන් සියළුම දෙනාගෙන් සමාවගන්නා බවයි.

aaron-smith

අරොන් ස්මිත් සිය පෙම්වතිය සමගින්.

aaron-smith-02


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කාන්තාවක් සමග වැසිකිළියට රිංගූ රග්බි තරුව මාට්ටු"

    Post a Comment