08 October, 2016

සිංගප්පූරුවේ ගණිකාවක් වී ‘දින 12ට 207ක් සමග සිටි’ ලංකාවේ 16හැවිරිදි දියණිය

සිංගප්පූරුවේදී ගණිකාවක වී දින 12ක දී මිනිසුන් 207ක් සමග සිටි ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 16ක දැරියක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා.

ස්ට්‍රේට් ටයිම්ස් පුවත්පත පවසන්නේ ගණිකාවක වීමේ වරදට සිංගප්පූරු පොලිස් අත්අඩංගුවට පත් වූ ඇයට එරෙහිව එරට අධිකරණයේ නඩු පවරා ඇති බවයි.

දැරිය තම පියා හා ආච්චි සමඟින් මෙරට වාසය කර ඇති අතර ඔවුන් දෙදෙනාගේම අසනීපවලට බෙහෙත් ගැනීමට මුදල් සොයා දීමටත් ආර්ථික තත්ත්වයෙන් ගොඩ ගැනීමටත් ඇය විදෙස් ගත වී ඇති බව එම පුවත්පත පවසනවා.

පසුගිය වසරේ ජූලි 24 වැනි දා මෙම දැරිය සිංගප්පූරුවට ගෙන ගොස් ඇත්තේ 29 හැවිරිදි තරුණයකු හා මේ වන විට නම අනාවරණය කර ගැනීමට නොහැකිව සිටින තවත් පුද්ගලයකු බව සිංගප්පූරු පොලිසිය සඳහන් කර තිබෙනවා.

ඉන් එක් අයකු අපරාධ කල්ලියක සාමාජිකයකු බව ද ඔහු සිංගප්පූරු පොලිසියට අවශ්‍ය අයකු බව ද පැවසෙනවා.

ගණිකාවක වීමෙන් ඇයට රුපියල් දෙලක්ෂයක් පමණ මසකට ඉපයිය හැකි බව පෙන්වා දෙමින් දැරිය ගණිකා වෘත්තියට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.


prostitute-06


-නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සිංගප්පූරුවේ ගණිකාවක් වී ‘දින 12ට 207ක් සමග සිටි’ ලංකාවේ 16හැවිරිදි දියණිය"

    Post a Comment