එන්ජිම අක්‍රීය වී ගමන අතරමග නතර කර ගැනීමට ගුවන් නියමුවාට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ සිට ඩුබායි බලා ගමන් කළ ෆ්ලයි ඩුබායි සමාගමට අයත් Z551 දරන ගුවන් යානය මෙම අනතුරට ලක්වුණා.
ගුවන්යානයේ මගීන් 43 දෙනකු හා කාර්ය මණ්ඩලයේ සේවකයින් 07 දෙනකු සිටි අතර ඔවුනට පස්වරු 1.40 දක්වා ගුවන් තොටුපොළ පර්යන්තයේ තවත් ගුවන්යානයක් පැමිණෙන තෙක් රැඳී
සිටීමට සිදුවී තිබෙනවා.
පස්වරු 1.40 පමණ වනවිට එම ගුවන් සමාගමට අයත් වෙනත් ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපොළට පැමිණ මෙම මගීන් රැගෙන ඩුබායි බලා පිටවුණා.
අනතුරට ලක්වූ ගුවන්යානය මේ වන විටත් මත්තල ගුවන්තොටුපොළේ නතර කර තිබෙනවා.
පස්වරු 1.40 පමණ වනවිට එම ගුවන් සමාගමට අයත් වෙනත් ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපොළට පැමිණ මෙම මගීන් රැගෙන ඩුබායි බලා පිටවුණා.
අනතුරට ලක්වූ ගුවන්යානය මේ වන විටත් මත්තල ගුවන්තොටුපොළේ නතර කර තිබෙනවා.
-නෙත්ගොසිප්

Share this
|
|
0 Comment to "මත්තලට පැමිණි ගුවන් යානයක් ‘කුරුල්ලෙක් නිසා’ උඩුගුවනේ ගැලවීමේ සටනක් කළ හැටි"
Post a Comment