06 October, 2016

විදුහල්පති පියාගේ අසුනේ ඉඳන් සෙල්ෆි ගහන 13 වසරේ පුතා – ඉස්කෝලේ ශිෂ්‍ය නායකයෙකුත්ලු!

අම්පාර ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක විදුහල්පතිවරයෙකුගේ පුතෙක් සිය පියාගේ අසුනේ වාඩිවී සෙල්ෆි ඡායාරූප ගත් පුවතක් වාර්තා වනවා.

පසුගිය දිනවල සමාජ ජාලා වෙබ් අඩවි වල මොහු පිළිබඳ සඳහන් කරමින් විවිධ සටහන් පළවී තිබුණා.

වාර්තා වන ආකාරයට මොහු එම පාසලේ 13 ශ්‍රේණියේ ඉගනුම ලබන සිසුවෙක්.

මොහු පාසලේ ශිෂ්‍ය නායකයෙකු ලෙසද ක්‍රියාකරන බවයි සඳහන් වන්නේ.

සිසුන්ගේ සුළු වරදකට වුවත් ගුරුවරුන්ගේද විරෝධය නොතකා දැඩි දඬුවම් පමුණුවන මෙම විදුහල්පතිවරයා ඔහුගේ පුත්‍ර‍යාගේ මෙම ක්‍රියාවන් සඳහා මුනිවත රකින පිළිවෙතක නිරතවූ බවයි වාර්තා වුනේ.

සමාජ ජාලා වෙබ් අඩවි වල මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් පලකර තිබූ එම විද්‍යාලයේ අදී ශිෂ්‍යයන් යැයි කියා ගන්නා පිරිසක් විදුහල්පතිවරයාගෙන් විමසා සිටියේ මේ සම්බන්ධව ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද යන්නයි.

කෙසේ වෙතත් දිගින් දිගටම මේ සම්බන්ධව කිසිම ක්‍රියාමාර්ගයක් නොගත් විදුහල්පතිවරයාට විරෝධය දැක්වීම පිණිස පසුගිය දිනෙක මේ සම්බන්ධව සඳහන් කර පාසල අවට කැලෑ පත්තරද අලවා තිබූ බව සඳහන්.

එයින් පසු මෙම විදුහල්පතිවරයා මෙම සිසුවා සතියක පමණ කාලයකට පන්ති තහනම් කොට ඇති බවයි වාර්තා වන්නේ.





00006666


-නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "විදුහල්පති පියාගේ අසුනේ ඉඳන් සෙල්ෆි ගහන 13 වසරේ පුතා – ඉස්කෝලේ ශිෂ්‍ය නායකයෙකුත්ලු!"

    Post a Comment