06 October, 2016

එක දෙක වුණා.. මම ලැජ්ජා වුණා - ශිෂ්‍යත්වයේ පළමුවැනියා කියා දෙවන තැනට වැටුණු දැරියගේ කඳුළු කතාව

ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ ප්‍රථමයා ලෙස ඊයේ (5) අලුයම වාර්තා වූයේ කුලියාපිටිය අස්සැද්දුම විද්‍යාලයේ රුවන්‍යා මෙත්මින්යා දැරියයි.

පසුව වාර්තා වුණේ ඇය දෙවැනියා බව සහ මාතර ඌරුගමුව මෙතෝදිස්‌ත කනිෂ්ඨ විදුහලේ සිතිජ හිරාන් සමරවික්‍රම ශිෂ්‍යයා පළමු තැන ලබා ඇති බවයි.

එම දැරිය මෙන්ම මවුපියන් සහ විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් මෙයින් මහත් අපහසුතාවට පත්ව ඇති බවයි පැවසෙන්නේ.

“ලංකාවෙන්ම දෙවැනියා වුණත් මුලින් මවුපියන් ඇතුළු පිරිස සතුටට පත් කළ ප්‍රවෘත්තිය සාවද්‍ය බව දැනගත් පසු අපි හැමෝම අසරණ වුණා. ලැජ්ජා වුණා. 


මම ලංකාවෙන්ම පළමුවැනියා වීමට හීන මැව්වේ නෑ. මගෙ ඉලක්කය වුණේ ලකුණු 180ක් පමණ ප්‍රමාණයක්. 

ඒත් මේ තත්ත්වයට අපිව පත් කෙළේ රජයේ තොරතුරුවලින්මයි. මට දැන් තියෙන්නේ සතුටකට වඩා කනගාටුවක්.” යනුවෙන් රුවන්‍යා මෙත්මින්යා දැරිය සඳහන් කර තිබෙනවා.




-නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "එක දෙක වුණා.. මම ලැජ්ජා වුණා - ශිෂ්‍යත්වයේ පළමුවැනියා කියා දෙවන තැනට වැටුණු දැරියගේ කඳුළු කතාව"

    Post a Comment