15 September, 2016

කාමයෙන් උන්මාදවූ පෙම්වතා තම ආදරවන්තියව අතින් අතට යැවූ හැටි

මගේ ෆොටෝස් ඉන්ටර්නෙට් එකේ දානවා කිව්වා..

මට එයාගේ යාළුවෙක් එක්කත් ඉන්න කිව්වා...

නිවසක රඳවාගෙන තරුණියක් දූෂණය කළ බව කියන පෙම්වතෙකුට පිරිසක් විසින් යකඩ පොලුවලින් පහරදී තුවාල කිරීමේ සිද්ධියක් ගැන මීරිගම පැත්තෙන් වාර්තා වනවා.

තමා ආදරය කළ පෙම්වතියව නිවසක බලෙන් රඳවාගෙන සති කිහිපයක් තිස්සේ දූෂණය කර ඇති බවයි ප්‍රදේශවාසියෙකු පැවසුවේ.

එම කාලය අතරතුර පෙම්වතාගේ මිතුරෙකුද එම නිවසට ගෙන්වා තම පෙම්වතියට බලහත්කාරකම් කළ බවටද සඳහන් වනවා.

පස්යාල ප්‍රදේශයේ පදිංචි ඇය කටුනායක ඇගලුම් කම්හලක සේවයේ නිරත වන බවයි වාර්තා වුණේ.

ඇය කටුනායක ප්‍රදේශයේ නවාතැන්ගෙන සේවයට ගොස් ඇති අතර දිනක් තමාව හමුවීමට මීරිගම ප්‍රදේශයට පැමිණෙන ලෙස තරුණයා විසින් දන්වා තිබෙනවා.

ඒ අනුව එම ස්ථානයට ගිය ඇයව බීමත්ව සිටි පෙම්වතා පාලු නිවසකට රැගෙන ගිය බව ඇය පවසා තිබෙනවා.

දින ගණනක් තිස්සේ මොවුන් මේ නිවසේ සිටින බව දැක ඒ අසල ප්‍රදේශවාසින් විමසිලිමත්වී තිබෙනවා.

එහිදී තරුණිය පවසා තිබුණේ " මාව සතියක ඉඳන් හිරකරගෙන ඉන්නේ.. මගේ ෆොටෝස් ගත්තා.. ඒවා ඉන්ටර්නෙට් එකට දානවා කිව්වා.. මට එයාගේ යාළුවෙක් එක්කත් ඉන්න කිව්වා.. මාව මේ කරදරෙන් බේරගන්න.."

නිවසින් පිටව ගොස් තිබූ ඇයගේ පෙම්වතා නිවසට පැමිණි පසු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන පහරදුන් බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම තරුණයා මානසික වෛද්‍යවරයෙකු වෙත යොමුකළ බවත් සඳහන්.


-හිරුගොසිප්

-rape-case-in-meerigama

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කාමයෙන් උන්මාදවූ පෙම්වතා තම ආදරවන්තියව අතින් අතට යැවූ හැටි"

    Post a Comment