17 September, 2016

අතුරුදන් මැලේසියානු යානයේ අභිරහස විසඳෙන ලකුණු – සුවිසල් කොටසක් වෙරළ තීරයේ (PHOTOS)

අතුරුදන් MH370 යානයේ බව පැවසෙන විශාල කොටසක් ටැන්සානියා වෙරළ තීරයට ගොඩගසා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

2014 වසරේ මාර්තු මාසයේදී ඉන්දියන් සාගරය ආශ්‍රිතව මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය අතුරුදන් වුණා.

එහි මෙතරම් විශාල කොටසක් හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.

මෙම සුන්බුන් කොටස මේ වනවිට පරීක්ෂණයට බඳුන්කරමින් සිටින බව පැවසෙනවා.

අතුරුදන් වන අවස්ථාවේදී යානය පැවති තත්ත්වය පිළිබඳව සොයාගැනීම පර්යේෂකයන්ගේ අරමුණ වී තිබෙනවා.






-නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අතුරුදන් මැලේසියානු යානයේ අභිරහස විසඳෙන ලකුණු – සුවිසල් කොටසක් වෙරළ තීරයේ (PHOTOS)"

    Post a Comment