19 September, 2016

බීමත් ගැටවරයාගේ රේස් කාර් එකට යටවෙලා අවසන් ගමන් ගිය කෝසල

17 කොල්ලෝ පස් දෙනාම බීලා ඉඳලා...

රියදුරාටත් වයස අවුරුදු 17 යි...

ගාල්ල ගෝනපීනුවල සරනහංදිය අසලදී ඊයේ රාත්‍රී 10.30 පමන සිදුවූ අනතුරකින් තරැණයකු ජීවිතේ දාලා ගිහින් තිබුණා.

තවත් තරුණයෙකු බරපතල තුවාල ලබලා රෝහල් ගතකරලා.

ගෝනපීනුවල සරනහංදිය ළඟ කහ ඉරින් පාපැදියෙන් පාර මාරු වෙන්න ගිය තරුණයින් දෙන්නව රේසින් කාර් එකෙන් යටකරගෙන ගිහින්.

මේ අනතුර දැකපු තෙලිකඩ පොලීසියේ රාත්‍රී මුර සංචාරය කරන පොලිස් නිලධාරින් තුවාලකරැවන් දෙදෙනා ගාල්ල කරාපිටිය රෝහලට රැගෙන රැගෙන යන්න කටයුතු කරලා.

ඒත් රෝහලට ඇතුලත් කළාට පස්සේ එක් තරුණයෙක් ජීවිතේ දාලා ගිහින්.

ඒ අවාසනාවන්ත අනතුරින් ජිවිතේ දාලා ගිහින් තිබුණේ ගෝනපීනුවල පදිංචි 27 හැවිරිදි වියේ පසුවුණු කෝසල විඡිත් මධුෂංක නමැති තරුණයෙක්.

කාර් රථයේ ඇවිත් තියෙන්නේ වයස අවු 17 පමණ තරුණයන් පස්දෙනෙක්.

මේ කට්ටියම හොඳටම බීලා ඉඳලා කියලයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.















-හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බීමත් ගැටවරයාගේ රේස් කාර් එකට යටවෙලා අවසන් ගමන් ගිය කෝසල"

    Post a Comment