19 September, 2016

පිය සෙනෙහස නොහඳුනන පුතුන් දෙදෙනා ආනන්තරිය පාපකර්මය සිදුකළ හැටි

බීලා ඇවිත් අම්මට ගහනවලු..

මල් පෝච්චි රඳවනයකින් ගහලා ඝාතනය කරලා..

බදුල්ල - හාලිඇළ සහ මාදම්පේ ප්‍රදේශවලදී පුත්‍රයින් දෙදෙනෙකු විසින් පියවරුන් දෙදෙනෙකුට පහරදී ඝාතනය කළ පුත්‍රයින් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බදුල්ල - හාලිඇළ ප්‍රදේශයේදී 16 හැවිරිදි පුත්‍රයෙකු විසින් පියාට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබුණේ ඊයේ රාත්‍රියේදී.

පොලිසිය පැවසුවේ නිවසට බීමතින් පැමිණ මවට පහරදීම හේතුවෙන් තමා පියාට තියුණු ආයුධයකින් පහරදුන් බවට අදාළ පුත්‍රයා පපොච්චාරණය කර ඇති බවයි.

පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ 41 හැවිරිදි පියා නිවසින් පිටව ගොස් ඇති අතර, නිවස ආසන්නයේ මාර්ගයක ඔහු ජීවිතක්ෂයට පත්ව වැටී සිටියදී පසුව සොයා ගනු ලැබුවා.

පහරදීම සිදුකළ 16 හැවිරිදි පුත්‍රයා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර බීමතින් පැමිණ තම පියාට මල් පෝච්චි රඳවනයකින් පහර දී ඝාතනය කළ තවත් පුත්‍රයෙකු මාදම්පේ ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ මාදම්පේ තඹගල්ලවත්ත ප්‍රදේශයේ 75 හැවිරිදි තිදරු පියෙක්.

අප වාර්තාකරු සඳහන් කළේ අත්අඩංගුවට ගෙන ඇති සැකකාර පුත්‍රයා යුද හමුදාවේ සේවය කර ඉවත්ව සිටින අයෙකු බවයි.

අධික ලෙස බීමතින් පැමිණි සැකකරු පියා සමඟ බහින් බස් වී අනතුරුව පහරදී ඇති බවට අනාවරණ වී තිබෙනවා.



-හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පිය සෙනෙහස නොහඳුනන පුතුන් දෙදෙනා ආනන්තරිය පාපකර්මය සිදුකළ හැටි"

    Post a Comment