18 September, 2016

රෝහිත අබේගුණවර්ධනගේ ඥාති පුතා රේසිං කාර් එකේ බීලා ගිහින් ජීවිතයක් බිලි අරන්

හික්කඩුව ගෝනපීනුවල ප‍්‍රදේශයේ මෝටර් රථයක් පාපැදියක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් 21 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ ඥාතී පුත‍්‍රයෙකු බව මේ වන විට අනාවරණ වී තිබෙනවා.

රවීන්ද්‍ර අබේගුණවර්ධන නැමැති ඔහු 17 හැවිරිදි අයෙක් බවයි වාර්තා වන්නේ.

ගෝනපීනුවල නගරයේ සාරාලංකාර විදුහල අසළ දී අනතුර සිදුවී ඇත්තේ ඊයේ (17) රාත‍්‍රී 11.00 ට පමණ වන අතර මියගොස් ඇති තරුණයා ගෝනපීනුවල ප‍්‍රදේශයේම පදිංචිකරුවෙක්.

ඊට අමතරව පාපැදියේ පැමිණි තවත් අයෙකු ද අනතුරෙන් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මෝටර් රථය පැද වූ රවීන්ද්‍ර අබේගුණවර්ධන නමැත්තා ද තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු ඊයේ රාත‍්‍රියේම බද්දේගම රෝහලේ දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු තහවුරුවී ඇත්තේ අනතුර සිදුවන අවස්තාවේ බීමතින් සිට ඇති බවයි.

එමෙන්ම ඔහුට රියදුරු බලපත‍්‍රයක් නොමැති අතර ඔහු පදවා ඇත්තේ මෝටර් රථ ධාවන තරග සඳහා යොදා ගන්නා දෙදෙනෙකුට පමණක් ගමන් කළ හැකි මෝටර් රථයක් බව පොලිසිය පැවසුවා.

කෙසේ වෙතත් අනතුර සිදුවන අවස්ථාවේ එම මෝටර් රථයේ පුද්ගලයින් සිව් දෙනෙකු ගමන් කර තිබෙනවා.


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රෝහිත අබේගුණවර්ධනගේ ඥාති පුතා රේසිං කාර් එකේ බීලා ගිහින් ජීවිතයක් බිලි අරන්"

    Post a Comment