18 September, 2016

රියැලිටි වැඩසටහන අතරේ සුපිරි රංගන ශිල්පිණියට අසාධ්‍ය වේ - කඩිනමින් විදෙස් රෝහලකට

මේ දිනවල ඉන්දීය රූපවාහිනී ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත්ව තිබෙන රියැලිටි වැඩසටහනක් ලෙස ‘ජ්හාලක් දිඛ්ලා’ හැඳින්වෙනවා.

නර්තන අංගයන් ඉදිරිපත් කෙරෙන මේ වැඩ සටහනේ විනිශ්චය මණ්ඩල සාමාජිකාවක් ලෙස සුපිරි නිළි මධුරි ඩික්සිත් කටයුතු කරනවා.

පසුගිය දා මේ වැඩ සටහන රූගත වෙමින් තිබෙද්දී මධුරිගේ උරහිසක තදබල වේදනාවක් හට ගැනීම නිසා ඇයව හදිසියේම ඇමෙරිකා එක්සත් ජනපදයට රැගෙන ගොස් රෝහල්ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසනවා.

මේ වන විට සුවය ලබා සිටින මධුරි නැවතත් රියැලිටි ප්‍රසංගයට සහභාගි වීමට සුදානම් වන බවයි පැවසෙන්නේ. 






-නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රියැලිටි වැඩසටහන අතරේ සුපිරි රංගන ශිල්පිණියට අසාධ්‍ය වේ - කඩිනමින් විදෙස් රෝහලකට"

    Post a Comment