18 September, 2016

මහේලට ‘දියවන්නාවේදී හමුවූ’ මිනී කන සත්ත්වයා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සිය නිළ ට්වීටර් ගිණුමට අද විශේෂ පණිඩියක් නිකුත් කර තිබුණා.

ඒ ඔහු අද (18) උදෑසන ව්‍යායාම් කටයුතු සඳහා දියවන්නාව අසලට පැමිණි අවස්ථාවේ නිසොල්මනේ සිටින ශාල ප්‍රමාණයේ කිඹුලෙක් දැක ගන්න ලැබුණු බවයි.

ඒ අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයක්ද මහේල සිය ට්වීටර් ගිණුමට එක් කොට තිබුණා.

ඒත් සමඟ ‘Look who came to see me run this morning ” ලෙස පණිවිඩයක්ද සඳහන් කර තිබුණා.

දියවන්නාව ආශ්‍රිතව කිඹුලන් සිටින බව මීට පෙරද කරුණු වාර්තා වී තිබුණා.

මේ හේතුවෙන් ඒ ආශ්‍රිතව ගැවසෙන්නන් නිසි අවධානයකින් පසුවන ලෙස අප ඔබට මතක්කර සිටිනවා.

විශේෂයෙන්ම කුඩා දරුවන් ගැන සැලකිලිමත් වන ලෙසද වැඩි දුරටත් සිහිකර දීමට කැමැත්තෙමු.





Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මහේලට ‘දියවන්නාවේදී හමුවූ’ මිනී කන සත්ත්වයා"

    Post a Comment