11 September, 2016

හිරුණිකා නොනැවතී ඉදිරියට - දුමින්දගේ වෛද්‍යවරිය පසුපස


පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් සිය ෆේස්බුක් පිටුවට භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ හිසට වෙඩි වැදී තිබුණු මෙතෙක් ප්‍රසිද්ධ නොකල ඡායාරූපයක් අද ප්‍රසිද්ධ පත්කළා.

ඉන් අනතුරුව ෆේස්බුක් පිටුවට අදහසක් එක්කරමින් ඇය පවසා ඇත්තේ භාරත ඝාතන සිදුවීමේ දී දුමින්ද සිල්වාගේ හිසට වෙඩි වැදී ඇති බව සඳහන් කළ වෛද්‍යවරිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි.

“ඔබ කිසි කෙනෙකුගෙන් මා අනුකම්පාවක් යදින්නේ නැත.

මා යුක්තිය ඉෂ්ඨ කරගෙන හමාර.

මා මේ පින්තූරය මාගේ ෆේස් බුක් පිටුවේ පළ කළේ හිසට වෙඩි වැදුණු පුද්ගලයෙකු කිසිසේත්ම ජීවත් වීමට නොහැකි බව කීමටය.

එම නිසා සාවද්‍ය වෛද්‍ය තොරතුරු අධිකරණයට ප්‍රකාශ කල වෛද්‍යවරිය පිළිබඳව පරීක්ෂණ කටයුතු වහාම ආරම්භ කල යුතුය.”


යනුවෙන් හිරුණිකා එහි සඳහන් කර තිබෙනවා.



Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හිරුණිකා නොනැවතී ඉදිරියට - දුමින්දගේ වෛද්‍යවරිය පසුපස"

    Post a Comment