09 September, 2016

ඩිල්ෂාන් අද සමුගනිද්දී ‘මාලිංගට’ ක්‍රිකට් දොර වැසේ

ඕස්ට්‍රේලියානු ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ අවසානය සනිටුහන් වන දෙවැනි පන්දු වාර 20 තරගය අද (09 ) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව. 7 ට ආරම්භ වුණා.

ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ගේ අවසන් ජාත්‍යන්තර තරගය වන මෙම තරගය ජය ගනිමින් ජයග්‍රාහී සමුගැනීමක්‌ ලබාදීම ශ්‍රී ලංකා නායකයා ඇතුලු කණ්‌ඩායමේ බලාපොරොත්තුව බවයි පැවසෙන්නේ.

මෙම තරගය සඳහා ක්‍රීඩා කිරීමට ලසිත් මාලිංග කැමැත්ත පළ කර ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා එය ප්‍රතික්ෂේප කර ඇති බවත් වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා සඳහන් කර ඇත්තේ තේරීම් කමිටුව එම තීරණය ගත යුතු බවයි.

තිලකරත්න ඩිල්ෂාන්ගේ අවසන් ජාත්‍යන්තර තරගය සඳහා තමන් ක්‍රීඩා කිරීමට කැමති බවත් ඒ සම්බන්ධයෙන් තේරීම් කමිටුව සමග කතා නොකරන බවත් මාලිංග මීට පෙර සඳහන් කර තිබුණා.





-නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඩිල්ෂාන් අද සමුගනිද්දී ‘මාලිංගට’ ක්‍රිකට් දොර වැසේ"

    Post a Comment