08 September, 2016

පෙම් හුටපටේ අහන්න කාමරේට දාගෙන විදුහල්පති සිසුවියකට අතවර කරළා

තමන්ගේ විදුහල්පති කාර්යාලයේදී පාසැලේ සිටි 14 වියැති පාසල් සිසුවියකට අතවර කිරීමේ සිද්ධියක් පන්නල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මේ සම්බන්දයෙන් සැකපිට එම ප්‍රෙද්ශයේ  විදුහලක විදුහල්පතිවරයෙක් ඊයේ (7දා) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිසුවිය එම පාසලේම සිසුවෙකු සමඟින් පෙම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර එය හසුවී පන්තිභාර ගුරුවරිය විසින් විදුහල්පතිවරයා දැනුවත් කර තිබෙනවා. 

පසුව ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමට විදුහල්පතිවරයා විසින් සිසුවිය විදුහල්පති කාමරයට කැඳවා එහිදී  සිසුවියට අතවර කර ඇති බව දැනගන්නට ලැබෙනවා.

අනතුරුව දැරියට අපල කාලයක් උදා වී ඇති බව පවසා අඳුනන කපු මහතකු හමුවීමට යෑමට ආරාධනා කර තිබෙනවා. 

දැරිය එම යෝජනාවට විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙනවා.

ඊට පසු දින විදුහල්පතිවරයා නිවාඩු දමා සිසුවිය පාසල් ඇරී එනතුරු අඟුරුවැල්ල නගරයට වී සිට ඇති අතර දේවාලයකට යෑම සඳහා නැවත ආරාධනා කළ අවස්ථාවේ සිසුවිය මේ පිළිබඳ අඟුරුවැල්ල නගරයේ ඥාතියකුට පවසා තිබෙනවා.

ඔවුන් සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබෙන අතර විදුහල්පතිවරයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පාසල් සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කරවනැල්ල දිසා රෝහලට ඇතුළත් කර ඇති බවත් දැනගන්නට ලැබෙනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පෙම් හුටපටේ අහන්න කාමරේට දාගෙන විදුහල්පති සිසුවියකට අතවර කරළා"

    Post a Comment