07 September, 2016

රෝහලට ආ බැංකු කෙල්ලට දොස්තර අතවරයකින් ප්‍රතිකාර කරළා

තරුණියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබ සිටින වෛද්‍යවරයා ඊයේ (05) කැඳවා ප්‍රකාශයක් ලබාගත් බව කොහුවල පොලිසිය පවසනවා.

සැකකාර වෛද්‍යවරයා කළුබෝවිල රෝහලට අනයුක්තව සේවය කරන්නෙක් බවයි වාර්තා වන්නේ.

21 හැවිරිදි අදාළ තරුණිය සිය මවත් සමඟ කළුබෝවිල රෝහලට පැමිණි අවස්ථාවේ මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ පසුගිය මස 15 වැනි දායි.

සැකකාර වෛද්‍යවරයා විසින් ඇය පරීක්ෂා කරන අතරතුර ඇයට ලිංගික අතවරයක් කළ බවටයි පසුව තරුණිය පොලීසියට පැමිණිලි කර ඇත්තේ.

පහරදීමක් හේතුවෙන් සිදු වූ තුවාල පරීක්ෂා කරවා ගැනීම සඳහා ජයවර්ධනපුර රෝහල මඟින් කළුබෝවිල රෝහල වෙත යොමු කර ඇති මෙම තරුණිය බැංකු සේවිකාවක් වන අතර පහර කෑමට ලක්ව ඇත්තේ ඇයගේ පෙම්වතාගෙන් බවයි පැවසෙන්නේ.

ලිංගික අතවර කිරීමෙන් පසු අදාළ වෛද්‍යවරයා විසින් 'ටිකට් කැපුවත් නැතත් කමක් නැහැ ආපහු එන්න' යනුවෙන් තමන්ට පැවසූ බව ඇය පවසනවා.

මේ සම්බන්ධයෙන්ත තරුණිය සිය මවුපියන් දැනුවත් කිරීමෙන් අනතුරුවයි සිද්ධිය අනාවරණය වී ඇත්තේ.


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රෝහලට ආ බැංකු කෙල්ලට දොස්තර අතවරයකින් ප්‍රතිකාර කරළා"

    Post a Comment