11 August, 2016

Suicide Squad ලංකාවේ තහනම්ද? මෙන්න ඇත්ත

DC Comics ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය වන Suicide Squad චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනය කිරීම වාරණය කර ඇතැයි ලංකාවේ සමාජ ජාල හරහා බොහෝ දෙනා අදහස් පළකොට තිබුණි.

ඒ අනුව එයට විරෝධතාවය දක්වමින් ඇතැම් පුද්ගලයන් අන්තර්ජාල පෙත්සම්ද ආරම්භ කොට තිබුණි.

ඇතැම් පිරිස් ජාතික චිත්‍රපට සංස්ථාවේ ෆෙස්බුක් පිටුවට ගොස් බැන වැදී තිබුණි.

නමුත් ඒ පිළිබඳව අදහස් දක්වමින් රැ`ගුම් පාලක මණ්ඩලයේ නිලධාරින් විසින් කියා ඇත්තේ එම චිත්‍රපටය තහනමට ලක් නොකළ බවත් එවැනි චිත්‍රපටයක් ලංකාවේ ප්‍රදර්ශනය සඳහා අනුමැති ලබාගැනීම සඳහාවත් ඉදිරිපත්කොට නොතිබූ බවයි.

Suicide Squad පූර්ව ප්‍රචාරක පටය බලන්න පහතින්.






Suicide Squad of banned in SL? Here's the truth

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "Suicide Squad ලංකාවේ තහනම්ද? මෙන්න ඇත්ත"

    Post a Comment