ඇන්තනි අර්වින් රියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 50 නිදහස් ආර පිහිනීමේ ඉසව්ව ජයග්‍රහණය කිරීම පිළිබඳව මේ වන විට ජාත්‍යන්තර කතාබහට ලක්කර ඇත්තේ ඉතිහාසගත කතාවක් ද සමගයි.
ඒ ඔහු අවසන්වරට තරග කළ 2000 ඔලිම්පික් උළෙලේ දී තමන් මෙම ඉසව්වෙන්ම ජයගත් රන් පදක්කම විකුණා දැමීම මුල් කර ගෙනයි.
ඇන්තනි අර්වින් තමන් ලැබූ ඔලිම්පික් රන් පදක්කම අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට හේතුව ඇතැම් විට ඔබ නොදන්නවා ඇති.
එහෙත් එය ශ්‍රී ලාංකික අපටද ඉතා සමීප දුක්බර සිදුවීමක් වුණා.
ඔහු 2000 ඔලිම්පික් උළෙලේ දී තමන් ලද රන් පදක්කම විකුණා අමෙරිකානු ඩොලර් 17,100ක් උපයා ගත් අතර එය පරිත්‍යාග කළේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් මුහුණ දුන් 2004 සුනාමි ව්‍යසනයෙන් විපතට පත්වූවන්ට උපකාර කිරීම සඳහායි.
src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhSbuPGpRymQhC4H5xAtSmELl0H-C4dAXso3t11ItitR6NpvuquB871AH9NgObR_xAy-KVfV89DPEMs29vGeYt4q9Sd8PivERJaiQhryfY1pF6DboCWQyOGn1-ZSmvJ7RhrtQdvHzB5kHQN/s400/anthony+ervin-4.jpg" width="400">



Anthony Ervin Won Gold Medal At Rio Olympic
Share this
|
|
0 Comment to "ඔලිම්පික් පදක්කම විකුණා සුනාමියට සරණක් වූ ඔහු ‘16වසරකට පසුව පැමිණ’ යළිත් රන් පදක්කම දිනූ අයුරු"
Post a Comment