28 August, 2016

වාහනයට ගෙවන්න සල්ලි නැතුව බිරිඳගේ සිරුර සැමියාගේ කර මතින්ම නිවසට

රෝහලේදී මියගිය තමන්ගේ බිරිඳගේ මළ සිරුර ගෙදර ගෙනියන්න ක්‍රමයක් නැතිව, එය කර මතින් ගෙන ගිය සැමියෙකු ගැන වාර්තා වනවා.
මෙහෙම කරන්න වෙලා තියෙන්නේ වාහනයක් කුලියට ගන්න එයාට මුදල් නැති වීමයි.

රෝහලේ ඉඳලා ගෙදරට කිලෝමීටර 60ක් පමණ දුරක් තිබිලා තියනවා.

ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයෙන් තමයි මේ සිද්ධිය වාර්තා වන්නේ.

ක්ෂය රෝගයෙන් පීඩා විඳි මේ කාන්තාව රෝහලේදී මියගිහින්.

මියගිය බිරිඳගේ සිරුර ගෙදර ගෙනියන්න ගිලන් රථයක් ලබාදෙන්න කියලා මේ පුද්ගලයා රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලා තියනවා.

ඒත් ඔවුන් එයට එකඟ වෙලා නැහැ.

මේ නිසා කරන්න දයෙක් නැතිව මේ පුද්ගලයා මළසිරුර තමන්ගේ කරේ තියාගෙන ගමන පිටත් වෙලා.

මේ වෙලාවේ එයාගේ වයස 12 ක් වුණු දියණියත් ඉඳලා තියනවා.

කොහොම හරි ඒ වෙලාවෙම ඉන්දියාවේ රූපවාහිනී නාලිකාවක් මේ ගැන සජිවීව විකාශය කරළා.

ඒ හින්දා බලධාරීන් ඔහුට මළ සිරුර අරන් යන්න ගිලන්
රථයක් ලබාදීලා තිබුණා‍ෙ

අදාළ වීඩියෝව පහතින්.



Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "වාහනයට ගෙවන්න සල්ලි නැතුව බිරිඳගේ සිරුර සැමියාගේ කර මතින්ම නිවසට"

    Post a Comment