26 August, 2016

අන්තිම තරගයටත් ටිකට් නෑ – මාළිගාවත්තේ ව්‍යාපාරිකයන් දැන් ක්‍රිකට් ගේට්ටුවේ

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දඹුල්ල ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන මීළඟ එක්දින තරගයේ ටිකට් පත් මේවනවිට අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

මෙම තරගය ලබන 28වන ඉරිදා පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර සැප්තැම්බර් මස 9වන දා පැවැත්වෙන අවසන් පන්දුවාර 20තරගයේ ටිකට් පත්ද මේ වනවිට අවසන්ව ඇති බව අන්තර්ජාලය ඔස්සේ ටිකට් නිකුත් කරනlk.bookmyshow.com වෙබ් අඩවිය සඳහන් කර තිබෙනවා.

මේ වනවිට ඉතිරිව ඇති ටිකට් පත් ලබාගැනීම සඳහා මාලිගාවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් රැසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අසලට රැස්ව සිටින අතර එම අවස්ථාවේ ඡායාරූප මේ වනවිට ෆේස්බුක් වෙත මුදාහැර තිබෙනවා.

එම ඡායාරුප පහතින් දැක්වෙනවා.




(නෙත්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අන්තිම තරගයටත් ටිකට් නෑ – මාළිගාවත්තේ ව්‍යාපාරිකයන් දැන් ක්‍රිකට් ගේට්ටුවේ"

    Post a Comment