07 July, 2016

සුපිරි ක්‍රීඩක මිලින්දගේ අපූරු ගායන හැකියාව මෙන්න

මිලින්ද සිරිවර්ධන කියන්නේ අපට ඉන්න දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

පහුගිය දවස් වල මිලින්ද ගැන සමාජයේ බොහෝ දෙනා අතර කතා බහට ලක්වුණේ ඔහු එංගලන්තයට එරෙහිව පැවති එක්දින තර`ගාවලියට ශ්‍රීලංකා පිලේ 15 දෙනා අතරට ඇතුළත් නොවීම සම්බන්ධවයි.

ඔහු කණ්ඩායමට ඇතුළත් නොකිරීම කිසිසේත් අනුමත කළ හැකි ක්‍රියාවක් නොවන බව බොහෝ දේනා විවිධ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා තිබුණා.

කොහොම නමුත් මේ කතාව මිලින්දගේ ක්‍රිකට් ගැන නෙමයි.

ක්‍රිකට් වලට වගේම රගපාන්නත් මිලින්දට හැකියාවක් තිඛෙන බව බොහෝ දෙනා දන්නවා.ඒ ඔහු මීට පෙර ගීත රූප රචනාවක පෙනී සිටිම නිසයි.

අද (07) රූපවාහිනී වැඩසටහනකට එක්වුණු මිලින්ද හරි අපූරුවට ගීතයක් ගායනා කළා.

ක්‍රිකට් වලට, ර`ගපාන්න විතරක් නොවෙයි ගීත ගයන්නත් මිලින්ද සැබෑ දක්ෂයෙකු බව පහත තිඛෙන වීඩියොව බැලුවොතින් ඔබට පෙනේවි.

(මිලින්ද ගීත ගායනා කරන කොටස අරම්භ වන්නේ විනාඩි 2.26 ගිය පසුවය)



Wonderful Singing Ability Superior Player Milinda

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සුපිරි ක්‍රීඩක මිලින්දගේ අපූරු ගායන හැකියාව මෙන්න"

    Post a Comment