01 July, 2016

අළුත බැන්ද මනමාලිට අත ඇරගන්න බැරි වුණ පුරුද්ද

විවාහ ජීවිතයට ඇතුළු වෙලා කෙටි කාලයකදි මනාල යුවළක් වත්තේගම මීගම්මන පැත්තේ පදිංචි තමන්ගේ නෑයකුගේ ගෙදරකට ගිහිල්ලා තියෙනවා.

ඒ නෑගෙදර ගිය වෙලාවේ අලුත් බැදපු මේ මනාලයා අසනීප වෙලා.

එම ගෙදර කාමරයක නිදාගෙන ඉන්න වෙලාවේ ගෙයි හිමියෙකු කියලා තියෙනවා අල්මාරි විවෘත කරලා ආලේපනයක් ගන්න කියා.

ආලේපනය ගන්න වෙලාවේ එහි තිබූ රුපියල් තුන්දහසක් මුදලක් හා රුපියල් හැත්තෑපන්දහසක් වටිනා රන් මාලයක් තමයි මේ තරුණිය සොරකම් කරලා.

සොරකම අසුවෙයි කියා සිතූ මේ වයස අවුරුදු විසි තුනේ මනමාලිය වාහම නිවසට යන්න ඕනේ කියලා.

කොහොම හරි ඊට පසුදින ඒ ගෙයි හිමියෙකු අල්මාරිය විවෘත කර බලන කොට මුදල් වගේම රන් භාණ්ඩ අතුරුදන් වෙලා.

මේ ගැන වහාම වත්තේගම පොලීසියට පැමිණිලි කරලා එම තරුණිය අත්අඩංගුවට අරගනෙ තෙල්දෙණිය දිසා අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා.


Newly married bride's bad habit

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අළුත බැන්ද මනමාලිට අත ඇරගන්න බැරි වුණ පුරුද්ද"

    Post a Comment